දිනසේන රතුගමගේ –
යුද සමයේදී අතුරුදහන් වූ සිය පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් දින 1250 ක් තිස්සේ විරෝධතාවයකට සහභාගී වී සිටි මුලතිව් ප්‍රදේශයේ කාන්තාවක් 11 දා හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් විශ්වමඩු මානික්කපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි මයිකල් ජේසූ මේරී නැමති 74 හැවිරිදි මවකි.
ඇගේ පුතා වන එස්.ජෝෂප් නැමති අය 2009 වසරේදී අතුරුදහන්ව ඇත්තේ මුලතිව් සිට මාතලේ ප්‍රදේශයට යන අතරවාරයේදීය.
යුද සමයේදී අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන ලෙස තවත් පිරිසක් සමග මේ කාන්තාව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දින 1250 ක් තිස්සේ විරෝධතාවයක නිරතව සිටියදී ඇය රෝගී වී මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.