දිනසේන රතුගමගේ –
වීසා නොමැතිව තලෙයිමන්නාරම ප්‍රදේශයේ රැදී සිටි රුසියානු ජාතිකයෙකු 11 දා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තලෙයිමන්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.
තලෙයිමන්නාරම පොලීසිය රුසියානු ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුට වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව කල් ඉකුත් වූ වීසා බලපත්‍රයකින් ලංකාව තුළ වාසය කිරීම නිසා ඔහුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත.
මන්නාරම මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා අදාල සැකකරු සම්බන්ධයෙන් රුධිර පටල වාර්තාවක් හා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔහුට පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කොට එම වෛද්‍ය වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කොට තිබේ.
එතෙක් රුසියානු ජාතිකයා මන්නාරමේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරණ ලෙසටද නියෝග කොට ඇත.