මෙවර මහමැතිවරණයෙන් මැතිසබයට තේරී පත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතරින් කැබිනට් අමාත්‍ය ධුර ලැබී ඇත්තේ මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ට පමණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු තවත් 13 දෙනකු මෙවර තේරී පත් වූඩ අතර මෛත්‍රීපාල සිරිසේන එස්.බී දිසානායක සහ සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය යන ප්‍රබලයින්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක්වත් නොලැබුණු අතර එස්.බී දිසානායක ට නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත් විය.
කෙසේ වුවද ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර ට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇඟලුම් අමාත්‍ය ධුරය ලැබුණු අතර දුමින්ද දිසානායක ට ලැබුණේ සූර්යබල සුළං සහ ජල විදුලි බල ජනන රාජ්‍ය අමාත්‍ය ධුරයයි. ඊට අමතරව ලසන්ත අලගියවන්න මහතාට සමුපකාර සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි විය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග කළ හිටපු මන්ත්‍රීවරුන් වන ශාන්ත බණ්ඩාර, සාරථි දුෂ්මන්ත මිත්‍රපාල, ජගත් පුෂ්ප කුමාර දකුණු මහ ඇමති ශාන්ත විජයලාල්, ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක කාදර් මස්තාන් අංගජන් රාමනාදන් තේරී පත් වූහ.