දිනසේන රතුගමගේ –
වවුනියාව කරප්පන්කාඩු ප්‍රදේශයේදී හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකුට නාදුණන පිරිසක් විසින් පහර දීම නිසා ඔහුව 11 දා රාත්‍රී ගිලන් රථයක ආධාරයෙන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව ඔහු දෙමළ නිජබිම ( Tamil Laannds people’s Oraganization ) නමින් සංවිධානයක් පිහිටුවා ඒ ඔස්සේ ජනතාවට උපකාර කරමින් සිට ඇති අතර පහරදීම සිදුව ඇත්තේද එම කාර්යාලය තුළය.
ඔහු සිය කාර්යාලයේ නැවතී සිටියදී යතුරු පැදි වලින් පැමිණි පිරිසක් ඔහුට පහර දී පලා ගොස් ඇති අතර ඉන් බරපතල ලෙස තුවාල ලැබූ ඔහුව ඒ අවට ජනතාව විසින් රෝහල්ගත කොට තිබේ.
හිටපු කොටි සාමාජිකයාට පහර දුන් පිරිස කවුරුන්දැයි මෙතෙක් හඳුණාගෙන නොමැත.
වවුනියාව පොලීසිය මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.