සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ද්විත්ව පුරවැසියා 21 ගැන තීන්දු කරයි…

by editor
මැයි 26, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක්  හෙබවිය නොහැකි බවට හා  විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම සම්බන්ධව යෝජනා නොමැති නම්  21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පල කිරීමට     ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රීවරු,  සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සංන්ධානය  යන පක්ෂ තීරණය කර  ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනතුරුත් සිය ස්ථාවරය පල කර නැති බවත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය තුළ  21 වැනි ව්‍යවස්ථා සංශෝධනය  පාර්ලිමේන්තුවේ  කෙසේ හෝ පරාජය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මෙහෙයුමෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද හෙළි වී තිබේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්බන්ධව දේශපාලන පක්ෂ සහ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සමග තීරණාත්මක සාකච්ඡා වට දෙකක් අද සහ හෙට දිනවල  පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙවැනි පසුබිමක බව දේශපාලන ආරංචි මාර්ග  පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවට  විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 සාමාජිකයන් සම්බන්ධවන අතර හෙට  සියලු පක්ෂවල සහභාගීත්වයෙන්  සාකච්ඡාව පැවැත්වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අග්‍රාමාත්‍යවරයා සහ සියලු පක්ෂ අතර හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  21 වැනි සංශෝධනය සම්බන්ධව අවසන් තීරණයට එළඹීමට නියමිතව ඇත.

21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත  පසුගිය දා නව රජයේ මංගල   කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් විය. එය සියලු පක්ෂ අතර සාකච්ඡාවට බඳුන් විය යුතු බවට එහිදී තීරණය විය.   පක්ෂ සමග සාකච්ඡා කර  මීලඟ කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කළ යුතු බවටත්   තීන්දු කෙරෙනි.  මෙම  21 වැනි සංශෝධන  කෙටුම්පතේ  පිටපත් සියලු පක්ෂ අතර බෙදා දීමට ද එකඟතාවය පල විය.

නව සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය  නොහැකි බවටත්, විධායක ජනාධිපති ධුරය හා එහි බලතල කප්පාදු කළ යුතු බවටත් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විනිවිද භාවයකින් යුතුව ඉදිරියට ගෙන යා යුතු බවටත් වූ  යෝජනා රැසක්  අන්තර්ගතව තිබිණි.

එහෙත් පොදුජන පෙරමුණේ මහලේකම්  නීතිඥ සාගර කාරියවසම් පසුගිය 23 වැනිදා සිය පක්ෂයේ ස්ථාවරය දක්වමින් රටට පැවසුවේ එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන රටක ව්‍යවස්ථා සංශෝධන සිදුවන්නේ නැති බවත් මේ සංශෝධනයට සහාය දීමට පෙර ඒ සම්බන්ධව යළිත් කල්පනා කරන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන හැකර්වරු රුසියානු ආරක්ෂක දත්ත සොරා ගැනීමේ තැතක!

Next Post

ඉම්රාන් ඛාන් ප්‍රතිරූපය හදාගන්න බිලියන 40ක් රූපවාහින නාලිකාවට දීලා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.