පාකිස්ථානයේ හිටපු අග්රාසමත්ය ඉම්රාන් ඛාන් විසින් පාකිස්ථාන රුපියල් බිලිනය 40ක මුදලක් පුද්ගලික රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙකුට ලබාදී ඇති බවට චෝදනා එල්ලවේ.
ඒ අනුව අදාල රූපවාහිනී නාලිකාව මඟින් ඉම්රාන් ඛාන් හට සුවිශේෂි මාධ්යස ප්රලචාරයක් ලබාදී ඇති බවත් එමගින් ඔහුගේ ප්රාතිරෑපය වර්ධනය කිරීමට පියවරගෙන තිබූ බවටද හිටපු අග්රා මත්යන නවාස් ශරීෆ්ගේ දියණිය වන මාරියාම් නවාස් චෝදනා කරයි.
ජන හමුවක් අමතමින් ශරීෆ් විසින් මේ බව පසුගියදා ජනතාවට හෙළ කළ අතර එහිදි ඇය පෙන්වා දී ඇත්තේ ඉම්රාන් ඛාන් විශාල මූල්ය් වංචාන් වලට සම්බන්ධ බවත් ඔහුගේ හිතවතුන්ට අයථා ලෙස මුල්යර වාසි ලබා ගැනීමට අවශ්ය පහසුකම් සලසා දීමට පියවරගෙන තිබූ බවයි.
එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ වාසි ලබාගත් අදාල රූපවාහිනී නාලිකාව මඟින් වර්ථමාන පාකිස්ථාන රජයට විශාල වශයෙන් පදනම් විරහි චෝදනා එල්ල කරන බවදට ශරීෆ් විසින් ඇයගේ දේශණයේදී පෙන්වා දී ඇත.
පාකිස්ථානයද මේවන විට ශ්රීව ලංකාවට සමාන දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර එරට විදේශ වත්කම්ද සීඝ්රේයෙන් පහළ යමින් පවතින බවට පසුගිය කාලයේදී දැක ගැනීමට හැකිවිය. ඉම්රාන් ඛාන් සිය පාලන සමයේදී දැඩි චීන හිතවාදී ප්රිතිපත්තියක් අනුගමන කළේය.
එම කාලයේදී ශ්රීි ලංකාව මෙන්ම නිසි ආර්ථික ප්ර්තිලාභ අත්නොවන චීන ව්යාතපෘති ක්රිරයාත්මක කළ අතරම බලශක්ති සහ සන්නිවේදන යන ක්ෂේත්රි වලද චීන ව්යාතපෘති ක්රිායාත්මක කළේය.කෙසේ වෙතත් මේවන විට පාකිස්ථානය මුහුණ දී ඇති තත්ත්වයත් සමඟ ශ්රී් ලංකාවට මෙන්ම චීනය සහය දීමෙන් වැලකී සිටින අයුරුද දැක ගැනීමට හැකිවේ.