චීන හැකර්වරුන් කණ්ඩායමක් විසින් රුසියාවේ ආරක්ෂක අංශ වලට සම්බන්ධ විද්යා ඥයින් සහ පර්යේෂකයින්ගේ දත්ත සොයා ගැනීමට උත්සහකර ඇති බවට නවතව වාර්තාවකින් අනාවරණය වේ.
මෙම හැකර්වරු විසින් ඉකුත් මාර්තු 23 වැනිදා ෙව්යායජ ඊ මේල් පණිවඩුයක් යොමු කරමින් ඒ ඔස්සේ රුසියානු ආරක්ෂක අංශ වල දත්ත ගබඩා වලට ඇතුළු වීමට උත්සහ කර ඇත. අදාල ව්යාාජ ඊමේල් පණිවුඩය රුසියාන සෞඛ්යෂ අමාත්යං ශය විසින් ඇමරිකානු සම්බාධ පැනවුණු පුද්ගලයින් පිළිබඳ ලයිස්තුවක් ලෙස යොමු කර තිබේ.
ඒ අනුව එම ඊමේල් පණ්වුඩයේ වූ ලින්ක් එක වෙත යොමු වුවහෙත් ඒ ඔස්සේ රුසියානු ආරක්ෂක අංශ වල පරිගණක පද්ධති වලට චීන හැකර්වරුන්ට ඇතුළු වීමට හැකියා ලැබෙන ලෙස එය සකස්කර ඇති බවද වාර්තාවේ.
මෙම හැකර්වරුන් චීනයේ රජයේ අනුබල මත ක්රිරයාත්මක වන පිරිසක් බවට අනාවරණය වන බවද නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි. ඒ අනුව චීනය විසින් රුසියාවේ නව යුධ තාක්ෂණය පිළිබඳ වූ තොරතුරු ලබා ගැනීමට මෙය ක්රි යත්මක කර තිබීම යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමටද සමත්ව ඇත.
පසුගිය කාලය පුරාවට රුසියාව සහ චීනය ඉතා සමීපව කටයුතු කළ පසුබිමක මෙලෙස යුධ රහස් දැනගැනීමට හැකර්වරුන් යොදා ගැනීම සම්බන්ධයෙන් ජාත්යසන්තර විශ්ලේෂකයින්ද විමතියට පත්ව ඇති බවට වාර්තවේ.
මෙලෙස හැකර්වරුන් යොදාගෙන දත්ත සොරාගැනීම චිනයේ දිගුකාලීන වැඩසටහන් වල එක් පියවරක් ලෙසට විශේෂඥයින් පෙන්වා දෙන අතරම මෙහිදී රුසියාවේ සැටලයිට් තාක්ෂණය සහ ඒ ඔස්සේ සිදුකරන සන්නිවේදන කටයුතු නව ඉලෙක්ට්රොීනික තාක්ෂණය යොදාගෙන කෙරෙන යුධ කටයුතු පිළිබඳ චීනය දැඩි අවදානයකින් පසුවන බවද මෙයින සනාථ වේ.







