මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය ආශ්‍රිතව රාජකාරියේ යොදවා සිට විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙක් බීමතින් වියරු ලෙස හැසිරීම නිසා දළදා මාළිගාව පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් අස්ගිරිය උප ඒකකයේ සේවය කරමින් සිට ඇති විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පිහිටා තිබෙන උඩරට කලා සංගම් ශාලාවේ පවත්වාගෙන යන මෙහෙයුම් මැදිරියේ රාජකාරියේ යෙදී සිටියදී මෙසෛ් බීමතින් කලහකාරි ලෙස හැසිරී ඇත.
සැකකරු ඊයේ (02) අලුයම් කාලයේ අධික ලෙස බිමත්ව පැමිණ කලා සංගම් ශාලවේ බිත්ති මත ප්‍රදර්ශනය කර තිබූ පැරණි ඡායාරූප 09 කට පහර දී අලාභහානි සිදුකර ඒවා ගිනි තැබීමට උත්සහ කිරීමේ දී ආයාසයෙන් පාලනය කරගෙන පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන ඇත.
එම වාර්තාවට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිටින බව තහවුරු වූ බැවින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.ෙ
ශ්‍රී දළදා මාලිගා පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.ඩබ්ලිව්.කේ සේනාධීර ගේ මෙහෙයවීමෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට බාර දී ඇත.