බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජවිපේ නුවරඑළිය කණ්ඩායම් නායක මයිකල් ඇකියුලස් ද සිල්වා විදුලි සැර වැදී මිය යයි…

by editor
සැප්තැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

තම ගෙවත්තේ වගා කර තිබු එලවළු වගාව ආරක්ෂා කර ගැනිම සදහා ඇද තිබු විදුලි රැහැනක ගැටී   ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා 2023 ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නාමයෝජනා ලබා දී සිටි ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක හා ජනතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජික මයිකල් ඇකියුලස් ද සිල්වා (62)  ඊයේ (02) මිය ගොස් තිබේ.

නුවරඑලිය ශාන්තිපුර පදිංචිව සිටි මයිකල් ඇකියුලස්  සිය එලවළු වගාවට වන සතුන්ගෙන් සිදු වන හානි අඩු කර ගැනීම සඳහා ඔහු විසින්ම නිවසින් විදුලි බලය ලබාගෙන කම්බි රැහැන් ඇද සවි කළ විදුලි වැටෙහි දැවටී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මරණය සම්බන්ධයෙන් මුලික විමර්ෂණ සිදු කළ නුවරඑලිය පොලිසිය පවසයි.

මෙම විදුලි රැහැන නිවසේ ප්‍රධාන විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක අධාරයෙන්  කම්බි වෙත සෘජුවම විදුලිය සම්බන්ධ කෙරුණු විදුලි රැහැනක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ මයිකල් ඇකියුලස්ගේ වගා භූමියේ සේවය කරන සුගත් නැමැත්තෙක්  කියා සිටියේ (02) දිනඋදෑසන සිට ඔහුගේ නිවසේ දොර ඇරී තිබියදී ඔහුගේ දුරකථනය නාද වන නමුත් පිළිතුරු නොදක්වන හෙයින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ සහයෝගයත්  වගා භූමිය තුළ සොයා බැලී බවය.  ඊයේ  (02) දින රාත්‍රි 7.00 ට පමණ ඔහු වගා භූමියේ බිම ඇද වැටී සිටියදි සොයාගත් බව එම පුද්ගලයා පැවසුවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ පිළිබඳව නුවරඑළිය පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිද්ධිය ස්ථානයට පැමිණ විදුලි සැර වැදුන අදාල විදුලි රැහැන් විසන්ධි කර ඇත.

මයිකල් ඇකියුලස් ට විදුලි සැර වැදි ඇත්තේ ඊයේ (02) උදෑසන වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.

ඔහු විදුලිසැර වැදී    මියගොස් සිටියේ     ඔහුගේ දෑතේ තම ගෙවත්තෙන් නෙලා ගත් ස්ට්‍රෝබෙරි කිහිපයක්ද සමගිනි.

මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නුවරඑළිය දිසා අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත   විසින් පැවැත්වු අතර, එහිදි මහෙස්ත්‍රාත්වරයා නුවරඑලිය පොලිසිය නියෝග කර සිටියේ  සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

සිද්ධිය පිළිබඳව පවුලේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසුමකට අනුව ඔහුන් කියා සිටියේ    මයිකල් ඇකුයුලස්  විදුහල්පති ශ්‍රේණියේ ගුරුවරයෙකු වන අතර, දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමේ අභිලාෂයෙන් ගුරු වෘත්තියට සමුදි දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළ  බවය.

ඔහුගේ බිරියගෙන්  දීර්ඝ කාලයකට ප්‍රථම දික්කසාද වී තම එකම පුතු සමග ශාන්තිපුර සිය නිවසෙ ජීවත් වූ බවත් , සක්‍රීයව දේශපාලන කටයුතු සිදු කළ බවත් ඔහුගේ පුතු විදේශ ගතවීමෙන් පසුව මේ වන සිය නිවසේ තනිවම ජීවත් වෙමින් සිටි බවත්ය.

ඔහු දේශපාලන භේදයකින් තොරව තමන් පදිංචි ගම වන ශාන්තිපුර ප්‍රදේශයට හා අනෙකුත් අවට ප්‍රදේශ ගනනාවකටම තමන් මන්ත්‍රීධූරය හොබවන කාලයේදී ඉතාම අවංක ලෙස කටයුතු කර විශාල සේවයක් කළ  හයපත් පුද්ගලයෙක් බව ප්‍රදේශවාසීහු පැවසූහ.

දේහය පිළිබඳ අවසන් කටයුතු (05) අඟහරුවාදා දින ශාන්තිපුර කලාපුර පොදු සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ඥාතීහු සඳහන් කරති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ යටවෙයි!

Next Post

දළදා මාළිගාවේ රාජකාරියට යොදවා සිටි STF කොස්තාපල් බේබද්දා උඩරට කලාසංගමේ කලාකෘති කුඩු කර ගිනි තියන්න හදලා…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.