සූරියවැව නුවන් ජයසේකර –
ප්‍රවීණ කවියෙකු, ලේඛකයක්, ගත් කතුවරයෙකු පරිසරවේදියකු, ජනශ්‍රැති ගවේෂකයෙක් මෙන්ම ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම හා ජේෂ්ඨතම මාධ්‍යවේදියෙකු ලෙස අඩ සියවසක් තිස්සේ සේවය කළ දඹේගොඩ ජිනදාස ඊයේ (19 ) අභාවප්ප්‍රාත්ත විය.
කලක් අසනීප තත්වයෙන් පසු වූ ඔහු මිය යනවිට 71 වෙනි වියේ පසු වීය.
මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන රැසකම මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නියෝජනය කරමින් මාධ්‍ය වේදියෙකු ලෙස කටයුතු ළ දඹේගොඩ ජිනදාස වසර 50කට වැඩි කාලයක් මාධ්‍යයට සම්බන්ධව කටයුතු කළේය.
දඹේගොඩ ජිනදාස විසින් මාධ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම කලා ක්ෂේත්‍රයට ඉටු කරන ලද සේවාවන් අගයා ලද ජනාධිපති සම්මාන හා රාජ්‍ය සම්මානද රැසකි.
ජනමාධ්‍යයේ ජීවී ප්‍රායෝගික ගැඹුර සබෑ ලෙසම අරුත් ගන්වන්නේ ප්‍රාදේශීය මාධ්‍ය සගයන්ය. වසර 50කට අධික කාලයක් මාධ්‍යවේදීයෙකු ලෙස එම භූමිකාව නිරූපණය කිරීම මේ රටේ ගෞරවණීය අවස්ථාවකි.
දඹේගොඩ ජිනදාස මිය යන මොහොත තෙක් ඒ විශිෂ්ට මෙහෙර කළේය. .
අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (20) දින වැල්ලවාය ආනපල්ලම, 5 කනුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.