පාකිස්ථානයේ පවුලක අවම වශයෙන් එක් අයෙක්වත් ‘හෙපටයිටිස් ඒ හෝ බී වෛරසයන්ගේ ගොදුරු බවට පත්ව ඇතැයි ද, අතිශය මාරාන්තික මෙම රෝගී තත්ත්වය මැඩ පවත්වා ගැනීමට අදාළ ක්‍රියාමාර්ග වහා ගත යුතු බවත්, ‘එක්ස්ප්‍රස් ට්‍රිබියුන්’ වාර්තා කරයි.
ලෝකයේ මිලියන 328ක පමණ ජනතාවක් විවිධ වර්ගයේ හෙපටයිටිස් රෝගයන්ට ගොදුරු වී සිටින අතර සෑම වසරකම හෙපටයිටීස් සී වෛරසය වැළඳුණු රෝගීන් මිලියන 17.5ක් වාර්තා වන බව පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ විදුහල්පති මහාචාර්ය අල් ෆරීඩ් සෆාර් මහතා පවසයි.
පාකිස්ථානය, ලෝකයේ හෙපටයිටිස් සී වෛරසයෙන් පීඩා විඳින් තුන්වෙනියට විශාලතම රට වේ. ඊට අමතරව පාකිස්ථානයේ මිලියන 1.5ක කට අධික ජනතාවක් මෙම රෝග දෙකෙන්ම පීඩා විඳිතිල නමුත් ඔවුන්ගෙන් බහුතරයක් ඒ ගැන නොදනිති. මේ හේතුව නිසාම ලාහෝර් රජයේ රෝහල මෙම වෛරසයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පසු ගියදා පා ගමනක් පැවැත්වූහ.
හෙපටයිටිස් බී සහ සී අතිශයින් මාරාන්තික වෛරස් වන අතර ලෝකයේ අසංඛ්‍යාත රෝග හා මරණ ඇති කරන බව සෆර් වැඩිදුරටත් පැවසීය. එපමණක් නොවල පකිස්ථානුවන්ගෙන් බහුතරයක් ආර්ථික හා සමාජීය ගැටළු හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා නොයන බවත් ඔවුන්ගෙන් සමහරක් ඒ ගැන නොදැන සිටීම නිසා බවත් ඔහු පැවසීය.