සමගි ජන බලවේගයේ සහ ජාතික නිදහස් ජාතික සභාව එක්ව කඩිනම් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට එම පක්ෂ දෙකේ ප්‍රධානීන් එකඟතාවයකට පැමිණ තිබේ.
එම එකඟතාවය අනුව නව සන්ධානය කඩිනමින් ගොඩනැගීමට පසුගිය අඟහරුවාදා රැස් වූ දෙපාර්ශවයේම තරුණ නායකයින් එකඟතාවයකට පැමිණ ඇත.
මෙම තරුණ නායක හමුවට පෙර සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නිදහස් ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී.එල් පිරිස් ඇතුළු දෙපාර්ශවයේම ප්‍රධානීන් සන්ධානය ගොඩනැගීම පිළිබඳ මූලික කරුණු සාකච්චා කර ඇතැයි වාර්තා වේ.
රජයේ හැසිරීමට එරෙහි ජනතා මතයක් ගොඩනැගීම සඳහා නව සන්ධානය ඉක්මනින් පිහිටුවීම ප්‍රතිඵල දායක බව දෙපාර්ශවයේම පිරිස් ඒ අවස්ථාවේ දී අවධාරණය කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි. – ලංකාදීප