බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ වරදට සිර දඬුවම් හිමි වූ චීවරධාරියකුට සිය අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසුව අභියාචනාධිකරණය දඩුවම වැඩි වර්ධනය කළ පුවතක් අද ඩේලි මිරර් වාර්තා කළාය.
ඒ අනුව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශයේ චීවරධාරියකුට පනවා තිබූ වසර 11ක සිරදඬුවම අවුරුදු 15ක බරපතළ සිරදඬුවමක් දක්වා ඉහළ නංවා තිබේ.
චීවරධාරිය විසින් ගොනු කරන ලද අභියාචනය සම්බන්ධයෙන් විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විකුම් කළුආරච්චි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් සිය තීන්දුවේ සඳහන් කළේ බරපතළ ලිංගික අපයෝජනයේ ස්වභාවය සහ තත්ත්වය අනුව මීට පෙර නියම කළ දඬුවම ද ප්‍රමාණවත් නොවන බවයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක දහම්පාසලක ඉගැන්වීම් කටයුතු කළ අදාල චීවරධාරියා වෙනුවෙන් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ භික්ෂුවක් සම්බන්ධයෙන් මෙවැනි වරදක් පිළිබඳ කතාවක් ගොතන්නට කිසිදු දැරියක් නොපෙළඹෙන බවයි. අප වැනි සංස්කෘතික හා සමාජීය පසුබිමක් ඇති රටක , ලිංගික අතවරවලට ගොදුරු වීම 14 හැවිරිදි දැරියකගේ මුළු අනාගතයටම කැළලක් ඉතිරි කරන බවද විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබේ.
මෙහිදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු අසලට යෑමට වඩා භික්‍ෂුවක් අසලට යන දරුවකු ආරක්ෂාකාරී බවක් අපේක්‍ෂා කරන බවත්, භික්‍ෂුව තමන්ට හානියක් නොකරන බවට වැඩි විශ්වාසයක් ඇති බවත්ය.සාමාන්‍ය පුද්ගලයකු විසින් දැරිය අපයෝජනයට ලක් කරනවාට වඩා තම ගුරුවරයා වූ භික්ෂුව වෙත පැමිණි දැරියට ලිංගික අතවර කිරීම බරපතළ බව කළුආරච්චි විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත. ලිංගික අපයෝජනයට ලක් වූ දරුවෙකුට සිදුවන මානසික හානිය හඳුනා ගැනීම අපහසු බවත් එය නොපෙනෙන බැවින් තක්සේරු කළ නොහැකි බවත් විනිසුරු කළුආරච්චි මහතා වැඩිදුරටත් කරුණු දක්වා ඇත. .
පැමිණිල්ලට අනුව විත්තිකරු අගතියට පත් දැරියගේ නිවසේ සිට මීට 100ත් 150ක් පමණ දුරින් පිහිටි පන්සලට රාත්‍රී 10 ට පමණ පැමිණ ඇත. එහිදී ඇය තම දෙමාපියන් සහ සහෝදරයන් තිදෙනා සමඟ නිදාගෙන සිටිය ඇති බවටද වර්තාවේ.
මෙහිදි විත්තිකාර චීවරදාරියා විසින් අගතියට පත් දැරිය සමඟ ජනේලයකින් කතා කර තමා හමුවීමට නිවසින් පිටතට පැමිණෙන ලෙස දන්වා ඇත. ඉන්පසුව ඔහු ඇයව විහාරස්ථානයේ ධර්ම ශාලාවට කැඳවාගෙන ගොස් ඇත.
විත්තිකරු සිය සාක්‍ෂියේදී ගත් ස්ථාවරය වූයේ වින්දිත දැරිය තනිවම තම විහාරස්ථානයට පැමිණි බවත් ඔහු ඇයට කිසි දිනෙක පැමිණෙන ලෙස නොකී බවත්ය.
කෙසේ වෙතත් වින්දිතයා රාත්‍රියේ තමන් සමඟ පන්සලේ සිටි බව විත්තිකරු පවා පිළිගන්නා බව එහිදී අභියාචනාධිකරණයේ මතය විය.
වින්දිත දැරියගේ මව රාත්‍රියේ අවදි වූ විට තම දියණිය අතුරුදහන් වී ඇති බව දැක තිබේ. පසුව ඇය අගතියට පත් දැරියගේ පියාට දන්වා ඇති අතර, පියා සහ වැඩිමහල් සොහොයුරා විහාරස්ථානයට ගිය අතර, එහිදී ඔවුන් අපයෝජනයට ලක් වූ දැරිය සොයාගෙන ඇයව නැවත ඇගේ නිවසට ගෙන එන ලදී. ඉන් අනතුරුව පවුලේ සමාජිකයින් කඩිනමින් විත්තිකරුට එරෙහිව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.







