සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දඩුවමින් බේරෙන්න ගිය ළමා අපයෝජන චීවරධාරියාට අභියාචනාධිකරණය දඬුවම තවත් වැඩි කරයි

by Lankasara News
සැප්තැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජන කිරීමේ වරදට සිර දඬුවම් හිමි වූ චීවරධාරියකුට සිය අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසුව අභියාචනාධිකරණය දඩුවම වැඩි වර්ධනය කළ පුවතක් අද ඩේලි මිරර් වාර්තා කළාය.

ඒ අනුව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශයේ චීවරධාරියකුට පනවා තිබූ වසර 11ක සිරදඬුවම අවුරුදු 15ක බරපතළ සිරදඬුවමක් දක්වා ඉහළ නංවා තිබේ.

චීවරධාරිය විසින් ගොනු කරන ලද අභියාචනය සම්බන්ධයෙන් විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විකුම් කළුආරච්චි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් සිය තීන්දුවේ සඳහන් කළේ බරපතළ ලිංගික අපයෝජනයේ ස්වභාවය සහ තත්ත්වය අනුව මීට පෙර නියම කළ දඬුවම ද ප්‍රමාණවත් නොවන බවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක දහම්පාසලක ඉගැන්වීම් කටයුතු කළ අදාල චීවරධාරියා වෙනුවෙන් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ භික්ෂුවක් සම්බන්ධයෙන් මෙවැනි වරදක් පිළිබඳ කතාවක් ගොතන්නට කිසිදු දැරියක් නොපෙළඹෙන බවයි. අප වැනි සංස්කෘතික හා සමාජීය පසුබිමක් ඇති රටක , ලිංගික අතවරවලට ගොදුරු වීම 14 හැවිරිදි දැරියකගේ මුළු අනාගතයටම කැළලක් ඉතිරි කරන බවද විනිසුරු මඩුල්ල පෙන්වා දී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය පුද්ගලයකු අසලට යෑමට වඩා භික්‍ෂුවක් අසලට යන දරුවකු ආරක්ෂාකාරී බවක් අපේක්‍ෂා කරන බවත්, භික්‍ෂුව තමන්ට හානියක් නොකරන බවට වැඩි විශ්වාසයක් ඇති බවත්ය.සාමාන්‍ය පුද්ගලයකු විසින් දැරිය අපයෝජනයට ලක් කරනවාට වඩා තම ගුරුවරයා වූ භික්ෂුව වෙත පැමිණි දැරියට ලිංගික අතවර කිරීම බරපතළ බව කළුආරච්චි විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත. ලිංගික අපයෝජනයට ලක් වූ දරුවෙකුට සිදුවන මානසික හානිය හඳුනා ගැනීම අපහසු බවත් එය නොපෙනෙන බැවින් තක්සේරු කළ නොහැකි බවත් විනිසුරු කළුආරච්චි මහතා වැඩිදුරටත් කරුණු දක්වා ඇත. .

පැමිණිල්ලට අනුව විත්තිකරු අගතියට පත් දැරියගේ නිවසේ සිට මීට 100ත් 150ක් පමණ දුරින් පිහිටි පන්සලට රාත්‍රී 10 ට පමණ පැමිණ ඇත. එහිදී ඇය තම දෙමාපියන් සහ සහෝදරයන් තිදෙනා සමඟ නිදාගෙන සිටිය ඇති බවටද වර්තාවේ.

මෙහිදි විත්තිකාර චීවරදාරියා විසින් අගතියට පත් දැරිය සමඟ ජනේලයකින් කතා කර තමා හමුවීමට නිවසින් පිටතට පැමිණෙන ලෙස දන්වා ඇත. ඉන්පසුව ඔහු ඇයව විහාරස්ථානයේ ධර්ම ශාලාවට කැඳවාගෙන ගොස් ඇත.

විත්තිකරු සිය සාක්‍ෂියේදී ගත් ස්ථාවරය වූයේ වින්දිත දැරිය තනිවම තම විහාරස්ථානයට පැමිණි බවත් ඔහු ඇයට කිසි දිනෙක පැමිණෙන ලෙස නොකී බවත්ය.

කෙසේ වෙතත් වින්දිතයා රාත්‍රියේ තමන් සමඟ පන්සලේ සිටි බව විත්තිකරු පවා පිළිගන්නා බව එහිදී අභියාචනාධිකරණයේ මතය විය.

වින්දිත දැරියගේ මව රාත්‍රියේ අවදි වූ විට තම දියණිය අතුරුදහන් වී ඇති බව දැක තිබේ. පසුව ඇය අගතියට පත් දැරියගේ පියාට දන්වා ඇති අතර, පියා සහ වැඩිමහල් සොහොයුරා විහාරස්ථානයට ගිය අතර, එහිදී ඔවුන් අපයෝජනයට ලක් වූ දැරිය සොයාගෙන ඇයව නැවත ඇගේ නිවසට ගෙන එන ලදී. ඉන් අනතුරුව පවුලේ සමාජිකයින් කඩිනමින් විත්තිකරුට එරෙහිව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

Share69Tweet43
Previous Post

ඉන්දියාව ලංකාවට  ණය දීම නතර කරයි!

Next Post

පරිගණක පද්ධතියේ බිඳවැටීමක්… කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීම තාවකාලිකව නවතී…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.