විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලික ව නතර කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් නිසා නැවත දැනුම් දෙන තුරු, එම අමාත්‍යාංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවය.
මේ වන විට පරිගණක පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, එය යථාතත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
.කෙසේ වෙතත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොර ව පවත්වාගෙන යන බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.