යළිත් දුම්රිය සේවක විරෝධතාවයක් ඇති වී තිබේ. මේ වන විට වෘත්තීය සමිති කිහිපයක් එක්ව දුම්රිය මූලස්ථානයට පිවිසෙන ප්‍රධන පිවිවෙසෙන ප්‍රධන දොරටුව අවහිර කොට ඉන්ධන ඉල්ලා විරෝධතාවයක් මේ වන විට ආරම්භකර ඇත.
අද දිනයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වු අතර පෙරවරු 11.50 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ද අවලංගු කිරීමට කටයුතු කර තිබේ. මෙම දුම්රියෙන් ගමන් කරන්නේ කලින් ආසන වෙන් කරගත් මගීන්ය. කලින් සැලසුම් කර ගමන් සහිත මගීන්ය.
මේ තත්ත්වය තුළ ඇතිවන ජනතා විරෝධය පාලනය කිරීම සඳහා වෘත්තීය සමිති කොටුව සහ මරදාන දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවා ස්ථාන වලින් ඉවත් කිරීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පවසයි.







