විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝලිමේ රැඳී සිටි ගැබිනි කාන්තාවක් අද උදෑසන දරුවෙකු ප්‍රසූත කර තිබේ.
හැටන් සිට පැමිණි 26 හැවිරිදි මෙම කාන්තාව හා ඇගේ සැමියා ඊයේ රාත්‍රියේ දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ පෝලිමට එකතු වී ඇති අතර උදෑසන ඇයට ප්‍රසූත වේදනාව හටගෙන තිබේ. එහිදී රාජකාරියේ නියුතුව සිටි යුද හමුදා සාමාජිකයින් මැදිහත් වී ඉක්මණින් ඇය බොරැල්ල කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.







