ශ්‍රියානි විජේසිංහ –
ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුුතු රුපියල් බිලියන 4ක පමණ මුදල ඉදිරි සතිය තුළදී ගෙවීම ආරම්භ කරන බැවින් රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ නැති බව රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කරයි.
ඖෂධ මිලදී ගැනීමේදී සැපයුම්කරුවන්ට ලබා දීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කර ඇති බව පෙන්වාදෙන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඉදිරියේ ඖෂධ හිඟය සම්බන්ධ ගැටලු මතු නොවනු ඇති බවද පවසා සිටියි.
රෝහල්වල දිනකට ඖෂධ වර්ග 80 – 100 පමණ හිඟයක් පැවති නමුත් මේ වන විට එම ප්‍රමාණය 50 – 40 දක්වා අවම කරගෙන ඇතැයිද නිර්වින්ද ඖෂධ හිඟය ශුන්‍ය කර ඇතැයිද පෙන්වා දෙන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පිළිකා ඖෂධ හිඟය 4- 5 සීමා කර ඇති බව පෙන්වාදේ.
ඖෂධ සැපයුම් අංශයේ පැවැති ගැටලුකාරී තත්ත්වයන් මේ වන විට නිරාකරණය වී ඇති බැවින් ඖෂධ භාරගැනීමේ තිබු ප්‍රමාදයන් අවම වී ඇතැයිද පැවසේ.







