සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ප්‍රධානම ගුවන්තොටුපල 03 පරිපාලනය අදානිට දෙන්න සූදානම්… ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි…..

by editor
පෙබරවාරි 10, 2024
in පුවත්
Adani-airports
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ප්‍රධානම ව්‍යාපාර සමාගමක් මෙන්ම නරෙන්ද්‍ර මෝදිගේ සමීපතම ව්‍යාපාරික සගයාගේ හිමිකාරිත්වය සහති  අදානි සමූහ ව්‍යාපාරය  ශ්‍රි ලංකාවේ  ප්‍රමුඛතම ජාත්‍යන්තර දොරටුව වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළුව දිවයිනේ ගුවන් තොටුපළ තුනක් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව හින්දු පුවත්පත වාර්තා කරයි.

පිරිනමනු ලබන අනෙකුත් ගුවන් තොටුපළ වන්නේ කොළඹ රත්මලාන ගුවන් තොටුපළ සහ මත්තල ගුවන් තොටුපළ බව විදෙස් මාධ්‍ය කියයි.       කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා කරමින් පවතින බවත් කළමනාකරණ කොන්ත්‍රාත්තු ද ඊට ඇතුළත් විය හැකි බවත් ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිකුරාදා ප්‍රකාශ කළ බව හින්දු    පුවත්පතේ ව්‍යාපාර අතිරේකය විශේෂ පුවතක් ලෙස පල කර තිබේ.

ගුවන් තොටුපල කළමනාකරණය සඳහා අදානි සමූහ ව්‍යාපාරය සමඟ වැඩ කිරීමට සැලසුම් කර ඇති බවට හරින් ප්‍රනාන්දු  මුම්බායි හි OTM සංචාරක ප්‍රදර්ශනයට සමගාමීව ව්‍යාපාරික ප්‍රජාව වෙතත් පවසා තිබේ.

ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා පුද්ගලික හවුල්කරුවෙකු සම්බන්ධ කර ගැනීමේ සැලසුම සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනයක් මධ්‍යයේ  පැමිණෙන බව හින්දු පුවත්පත් වාර්තාවේ දැක්වේ.  වර්ෂ 2023 දී ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයින් පැමිණීම මිලියන 1.48 දක්වා දෙගුණයක් වී ඇති බවත්,    මෙය රටේ ගුවන් තොටුපල යටිතල පහසුකම් මත පීඩනයක් ඇති කර ඇති කර ඇති නිසා  පහසුකම් පුළුල් කිරීමට සහ මගී අත්දැකීම වැඩිදියුණු කිරීමට පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය ශ්‍රි ලංකාව අපේක්ෂා කරන බවත් එම වාර්තාවේ ප්‍රකාශ වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ  පිළිබඳ හින්දු පුවත්පත කළ ඊමේල් විමසුමකට අදානි සමූහය ප්‍රතිචාර දක්වා නැත.

අදානි සමූහ ව්‍යාපාරය මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වරාය සහ පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍ර වෙත ප්‍රවේශ වී ඇති ඇත.   පසුගිය නොවැම්බරයේ දී සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 553 ක අරමුදල් ලබා ගන්නා ලදී.  මෙයට එක්සත් ජනපදය සම්බන්ධ වන්නේ කලාපය තුළ චීන බලපෑම මැඩලීමේ පියවරක් වශයෙන් බව හින්දු පුවත්පත් වාර්තාව පෙන්වා දෙයි.

අදානි  සමූහය  දැනට ඉන්දියාව  තුළ ගුවන් තොටුපල අටක් කළමනාකරණය  කරන අතර, එය ඉන්දියාවේ මගී පදනමෙන් සියයට 23 කට සේවය කරයි. ඔවුන් ශ්‍රී ලංකාව තුළ  මෙම  ව්‍යාපාරික අවස්ථාවත් ගතහොත් එය ඉන්දියාවෙන් පිට ඔවුන්ගේ පළමු  ජාත්‍යාන්තර තොටුපල කළමනාකරණ අත්හදා බැලීම වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසිය සැකකටයුතු ත්‍රි රෝද රථයක්  පරීක්ෂා  කරද්දී  පොලිස් ගිනි අවිය පැහැරගෙන සැකකරු පලා ගිහින්… ගිනි අවිය පත්තු වී සැරයන්වරයෙක් බරපතල තත්ත්වයෙන් ජාතික රෝහලේ…

Next Post

තව සති දෙකයි… රෝහල්වල ඖෂධ හිඟය ඉවරයි… රජයේ වෛද්‍ය සැපයුම් අංශය සහතික වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.