තවත් පැය කීපයකින් යුක්රේනයේ කිව් අගනුවර මුලුමනින්ම රුසියානු හමුදාවට නතු වනු ඇති බව ඇමරිකානු බුද්ධි වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සටන් අත් නොහැරි යුක්‍රේන හමුදා ධරුනු රුසියානු ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටින බව ද එම වාර්තා පෙන්වා දෙයි.
රුසියානු හමුදා යටත් කරගෙන සිටි කියෙව් ගුවන් තොටුපල යළි නිදහස් කරගැනීමටත් යුක්‍රේන හමුදාවන්ට හැකි වී ඇත.
රුසියානු හමුදා අද අද උදෑසන සිට කිව් අගනුවර වෙත ගුවන් ප්‍රහාර හා මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටියේය.
යුද්ධයේ දී මිය ගිය සොල්දාදුවන්ගේ දේහයන් ආදාහනය කිරීටමට හැකි ජංගම ආදාහනාගාර නිපදවීමටත් රුසියාව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය කීවේය.
අද උදේ විශේෂ ප්‍රකාශයක් කළ යුක්රේන් ජනාධිපති කීවේ කිව් අගනුවරට ප්‍රහාර එල්ල කරන රුසියානු හමුදාවේ ප්‍රධානම ඉලක්කය තමන් සහ තම පවුල බවය.
තවදුරටත් කියවන්න…
ආක්‍රමණියකන්ගේ පළමු ඉලක්කය මගේ ජීවිතයයි… දෙවනුව මගේ පවුලයි… යුකරේන් ජනපති ලෝකයට කියයි!