බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණයේ අඳුර වැටුණු රටක ජීවිත අත්දැකීම බීබීසී මාධ්‍ය වේදිනිය කියයි!

BBC යුක්රේන් සංස්කාරිකා මාර්තා ෂොකාලෝ කියන කතාව...

by editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
බීබීසී යුකේරන් සංස්කාරිකා මාර්තා ෂොකාලෝ…

ව්ලැදිමීර් පුටින් ආක්‍රමණයක් ගැන නිවේදනය කරපු බවට පණිවිඩයක් ලැබුණු නිසා මම රාත්‍රියේ අවදියෙන් සිටියා. ඒ එක්කම පිපිරීම් පටන්ගත්තා. ඒවා මගේ ගෙදරටත් ඇහුණා. නගරයේ විවිධ ප්‍රදේශවල මිනිස්සු, ඔවුන්ගේ ප්‍රදේශයේ සිදුවුණු පිපිරීම් ගැන අපේ WhatsApp ගෲප් එකට පණිවිඩ එවන්න පටන් ගත්තා.

රටේ නැගෙනහිර කොටසෙ තියෙන යුද පෙරමුණට විතරක් නෙවෙයි, කියෙව්වලටත් ප්‍රහාර එල්ලවෙද්දි ගොඩක් බය හිතුණා.

මෙහේ සාමාන්‍ය ජනතාවට තියෙන ලොකුම බය තමයි විදුලිය නැතිවීම සහ අන්තර්ජාලය වැඩ නොකර යන එක. එතකොට අපි ඇත්තටම හුදකලා වෙනවා. තවත් භීතියක් තමයි, නගරයේ නැගෙනහිර සහ බටහිර කොටස් දෙකඩ කරමින් ඩ්නීපර් ගඟේ පාලමට බෝම්බ හෙලාවි කියන එක.

විනාඩි 30ක් විතර පිපිරුම් හඬ ඇසුණා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මම මගේ 10-හැවිරිදි පුතාවත් ලෑස්ති කරගෙන, ජනේලවලට හැකි තරම් ඈතින් වාඩිවෙලා උදේ ආහාරය ගත්තා. ඒත් ඔහු බිය වැඩිකමට වමනය කළා. ඉටිපන්දමකුයි, වතුරයි අරගෙන අපි අපේ බිම්ගෙට ගියා. තත්ත්වය තවත් නරක අතට හැරුණොත් අපේ රැකවරණය තියෙන්නේ එතන.

මගේ ගෙදර අසල සුපිරි වෙළඳසැල්වලින් පිටතත්, ATM යන්ත්‍රවලත් දිගු පෝලිම් තිබෙනවා. ඒවා බොහොමයක මුදල් අවසන් වෙලා. සමහර ඉන්ධන පිරවුම්හල් ද මේ වන විට තෙල් නැතුව වසා දමා තිබෙන්නේ. මුළු රටම ප්‍රහාරයට ලක්ව ඇති බව දැන් දන්නා නිසා භීතියක් ඇති වෙලා.

කියෙව් නගරයෙන් පළා යාමට තැත්කරන නගරවැසියන්ගෙන් මාර්ග අවහිර වී තිබේ

නගරයෙන් පිටත මාර්ග තදබදයෙන් අවහිර වෙලා. ඒක භයානක ගමනක්. නිවසින් ගොඩක් ඈතක, සෙමින් ඉදිරියට ඇදෙන දිගු රථවාහන පෝලිම්වල ඉඳිද්දි ඉන්ධන පහසුවෙන් ඉවර වෙන්න පුළුවන්. දුම්රිය ධාවනය වුණත් ආසනයක් ලබාගන්න විශාල සෙනඟක් සිටිනවා. ජනාධිපති සෙලෙන්ස්කි යුද්ධ නීතිය ප්‍රකාශ කළ නිසා යුක්රේන ගුවන් සීමාවත් වසා දමලා.

විනාශ වී ඇත්තේ හමුදාමය ඉලක්ක පමණක් නොවෙයි. නගර ගණනාවක, සෘජු ප්‍රහාරවලට ලක්වුණු මිනිසුන් වාසය කරන ගොඩනැගිලිවල ඡායාරූප අප සතුව තිබෙනවා.

රුසියානු බෝම්බ ප්‍රහාරය රටේ සියලුම ප්‍රදේශවලට බලපා තිබෙනවා. පෝලන්ත දේශසීමාවට ආසන්න ලවීව්හි පවා අද උදෑසන සයිරන් නාද වුණා. මගේ යාළුවෙක්ට බෝම්බවලින් බේරෙන්න බංකරයක රැකවරණය ලබා ගන්නත් සිද්ධ වුණා.

තවත් යාළුවෙක් ගුවනින් එල්ල වන ප්‍රහාරවලින් ගැලවෙන්න හිතාගෙන ඔහුගේ පවුල කියෙව්වලින් පිටතට අරගෙන ගියා. නගරයට වඩා ගම්බද ප්‍රදේශ ආරක්ෂිත වෙන්න පුළුවන් වුණත්, උතුරෙන්, නැගෙනහිරෙන් සහ දකුණෙන් ප්‍රහාරයට ලක්වන රටක තවදුරටත් සැබෑ ආරක්ෂිත ස්ථානයක් ගැන හිතන්නවත් බැහැ.

බීබීසී –

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව පැය කීහිපයකින් යුක්රේන් අගනුවර “කිව්“ මුලුමනින්ම  රුසියානු හමුදා අතේ….

Next Post

ඕන පරීක්ෂණයකට සූදානම්… හරීන් පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.