කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) හවස වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. .
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විමර්ශන අංශ පවසයි. වෙඩික්කරුවන් ගිනි අවියත් සමගම අත් අඩංගුවට ගෙන තිබේ. වෙඩි තබා පලා යෑමට උත්සාහ කළ කුලී ඝාතකයින් අත් අඩංගුවට ගන්නේ පොලිස් නිලධාරීන් විසින් ඔවුන් හඹා යෑමෙනි.
කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.







