උස්වැටකෙයියාව – මෝගන්වත්ත වෙරළ තීරයේ වෙඩි වැදී තුවාල සහිතව මිය ගොස් තිබී හමුවන්නේ අයෝශාන්ත බෝපයාආරච්චි (40) නැමැත්තෙක් බවත් ඔහු කඩවත පදිංචි පුද්ගලයෙක් බවත් විමර්ශන අංශ කියයි.
මෙම පුද්ගලයා මත්කුඩු ජාලයේ ක්‍රියාකාරිකයෙක් බවත් ඩුබායි රාජ්‍යයේ සිට මීට මාස තුනකට පෙර රටට පැමිණ ඇති බවත් විමර්ශන අංශ පවසයි. ඔහු තදින් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූවෙක් බවද වාර්තා වේ.
මොහු විසින් ප්‍රවාහනය කරමින් තිබු මත් කුඩු කිලෝ එකකට අධික ප්‍රමාණය කඳාන ප්‍රදේශයේ දී පොලිස් අත් අඩංගුවට හසුවීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මුදා හැර මත්කුඩු තොගය සහ එය භාරව සිටි පුද්ගලයා පමණක් අත් අඩංගුවට ගැනීම හේතුවෙන් මේ තැනැත්තා විසින් පොලිසියට ඔත්තුව ලබා දෙන්නට ඇතැයි යන සැකය මත ඩුබායි හි සිටින පාතාල ප්‍රභලයෙක් වූ ඩුබායි කළණ විසින් මෙම මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික තොරතුරු අනාවරණය වන්නේ යැයි විමර්ශන අංශ පවසයි.
මෙම පුද්ගල ඝාතනය පසුපස මත්කුඩු ජාවාරමක් ඇති බව ද මේ පුද්ගලයා මත්කුඩු ජාවාරම් කරුවන් පිළිබඳ පොලිසියට ඔත්තු ලබා දී ඇතැයි යන සැකය මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බව ද විමර්ශන අංශ සැක කරයි.
ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති බවට පොලිසිය සැකකරන අතර, එම සිද්ධිය අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබී ඇත.
සිරුර ආසන්නයේ තිබී හිස් උණ්ඩ කොපු නවයක් සහ ටී 56 ගිනි අවියක ජීව උන්ඩයක් විමර්ශන අංශ විසින් සොයාගෙන ඇත.







