කීර්ති ප්‍රනාන්දු –
දවස් තුනක් තුළ ඉන්ධන පොලිමක සිදුවූ හතරවන මරණයත් අද මීට සුළු වෙලාවකට පෙර වාර්තා විය.
මීරිගම ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගනිමින් සිටි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී මිය ගොස් ඇතැයි මිරිගම පොලිසිය පවසයි.
අද 21 පෙරවරුවේ මෙම සිදුවීම වාර්තා වූ බව මිරිගම පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා 76 වියේ පසුවන අයකු බවද පොලිසිය කියයි.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මියගිය පුද්ගලයා ඉන්ධන පෝලිමේ සිට තම වාරය පැමිණි පසු කෑන් කීපයක් කීපයකට ඉන්ධන ලබා ගනිමින් සිටින අතරතුර සිහිසුන්ව ඇද වැටී ඇත.
පසුව අවට සිටි පිරිස් එක්ව වහාම එම පුද්ගලයව මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. නමුත් ඒ වන විට පුද්ගලයා මිය ගොස් ඇත.
මේ පිළිබඳව මීරිගම මූලික රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ මෙම මියගිය පුද්ගලයා හෘදයාබාධයකින් මිය යන්නට ඇති බවට සැක කරන බවය.
මියගිය අයගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් පැවැත්වීමට නියමිත බවයි.
කියවන්න…
භූමිතෙල් පෝලිමක සිටි තවත් වියපත් මිනිසෙක් ඇදවැටී මිය යයි… මේ දෙවැනි මරණයයි…
ඊයේ ඉන්ධන පෝළිමේ දී මැරී වැටුණු පුද්ගලයාගේ මරණයට හේතුව ආතතිය විය හැකියි!