බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ  ඉන්ධන පෝළිමේ දී මැරී වැටුණු  පුද්ගලයාගේ මරණයට හේතුව ආතතිය විය හැකියි!

කිසිම රෝගයක් තිබී නැහැ... මිය ගොස් ඇත්තේ මහා ධමනිය පුපුරලා... මේ තත්ත්වයට හේතුව ආතතිය විය හැකියි... පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වෙයි...

by editor
මාර්තු 20, 2022
in පුවත්
භූමිතෙල් පෝලිමේ සිටිය දී ඇද වැටී මියගොස් සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසි හනීෆා මොහොමඩ් ඉල්ලියාස්.. ඔහු වසර 30ක රාජ්‍ය සේවයක් සැපිරූ අයෙක්...

භූමිතෙල් පෝලිමේ සිටිය දී ඇද වැටී මියගොස් සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසි හනීෆා මොහොමඩ් ඉල්ලියාස්.. ඔහු වසර 30ක රාජ්‍ය සේවයක් සැපිරූ අයෙක්...

Share on FacebookShare on Twitter

ඊයේ භූමිතෙල් පෝලිමක දී මැරී වැටුණු 71 ජ්‍යෙෂ්ඨ පුරවැසියා අධි රුධිර පීඩනය හෝ වෙනත් බෝ නොවන රෝග වලින් නොපෙළුණු බව වෛද්‍ය වාර්තාවලින් සනාථ වන අතර ඔහු මිය ගොස් ඇත්තේ මහා ධමනිය පුපුරා යෑම නිසා බවත්, වැඩි ආතතියක්    බොහෝ වේලාවක් දරාගැනීමට සිදුවීමෙන්   මෙවැනි අනතුරු සිදුවිය හැකි බවත් මහනුවර රෝහලේ  විශේෂඥ අධිකරණ වෛද්‍ය සිව සුබ්‍රමණියම් පවසයි.

  • මේ මරණයට ආණඩුව වගකිව යුතුයි… දවස් ගණනක් ගෑස්වත් ලාම්පුතෙල්වත් නෑ… උයාගන්න ලාම්පුතෙල් ටිකක් හොයාගන්නයි මල්ලි උදේ එළියට බැස්සේ – මිය ගිය අයගේ වැඩිමල් සොයුරා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කියයි…

  • පෝලිමේ සිට ඇද වැටුණු පසු විනාඩි 40ක් කිසිවෙක් උදව් කරන්න ඉදිරිපත් වී නෑ… අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා… රෝහලට ඇතුළත් කරනවිටත් පුද්ගලයා මිය ගිහින්…

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) මහනුවර යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම් හළක භූමිතෙල් පෝලිමක සිටියදී  ඇද වැටී මිය ගිය හැත්තෑ එක් හැවිරිදි හනීෆා මොහොමඩ් ඉල්ලියාස් නැමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ මරණය    සම්බන්ධව අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) මහනුවර රෝහලේ දී සිදු කෙරිනි. කටුගස්තොට උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහු ඊයේ (19) පස්වරුවේ භූමිතෙල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හලක පැය හතරක පමණ කාලයක් සිටගෙන   සිටියදී හදිසියේම සිහිසුන්ව බිම ඇද වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ   වයසට යනවිට රුධිර මාර්ග අවහිර වීම සිදුවිය හැකි වුවත් වෛද්‍ය වාර්තාවලින් මේ පුද්ගලයාට අධි රුධිර පීඩන තත්වයක් තිබුණු බව සනාථ නොවන බවය.

මහා ධමනිය පුපුරලා 

ඔහුට කොවිඩ් තත්වයක් නොතිබුණු බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත. මහා ධමනිය පුපුරා යෑමෙන් සිදුවූ මෙම මරණයට හේතු විය හැකි ආසන්නම කාරණය විය හැක්කේ දැඩි ආතතිය සමග පැය ගණනක් සිටීම බව පවසන විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වයස අවුරුදු 60 ඉක්ම වූ කිසිම පුද්ගලයෙක් පැයකට වඩා වැඩි කාලයක් ආතතියකින් පසුවීම සුදුසු නැති බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මහා ධමනිය පුපුරා යෑමෙන් පසු ඇද වැටුණු මේ තැනැත්තා විනාඩි 40කට ආසන්න කාලයක් රෝහල් ගත නොකර එම ස්ථානයේම තබා ගැනීම නිසා අභ්‍යන්තර අවයවවලට රුධිර වහනය සිදුවීම හේතුවෙන් රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් මිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයා වන මොහොමඩ් නිසාම්  ප්‍රකාශ කර තිබුණේ කිසිම රෝගී තත්ත්වයකින් නොපෙළුණ සිය සොයුරාගේ  මේ මරණය රජයේ වරදින් සිදුවූවක් බවය.

ඔහු සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

“මගේ මල්ලිට කිසිම ලෙඩක් තිබුණෙ නැහැ. මල්ලි මැරුණේ මේ රජයේ වරදින් කියල මම බය නැතුව කියනවා.  මොකද අපේ පැත්තෙ භූමිතෙල් වත් ගෑස් වත් හොයා ගන්න තැනක් නැහැ.  මල්ලි උදේම ලෑස්ති උනා අද නම් කොහෙන් හරි භූමිතෙල් හොයාගෙන එනවා කියලා.  අන්තිමට අපිට ලැබුණේ  භූමි තෙල් නෙවෙයි මල්ලිගෙ මළකඳ විතරයි.“

“මල්ලි කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙච්ච හොඳ මනුස්සයෙක්. එයා පහුගිය දවස් ටිකේම   දුක් වුණා  නෝනා කෑම උයන්ඩ ගන්න මහන්සිය නිසා…“

අවුරුදු 30ක රාජ්‍ය සේවකයෙක්…

මියගිය මොහොමඩ් ඉල්ලියාස්   රජයේ සේවයට එක්ව වසර 30 ක පමණ කාලයක් සේවය කළ අයෙකි.  ඔහු ශ්‍රී ලංකා පොලීසියේ සිවිල් සේවකයෙකු ලෙස රාජකාරි කළ බව  ඔහුගේ සහෝදර මොහොමඩ් නිසාම්   පවසයි.

උඩතලවින්න ප්‍රදේශය හා ඒ අවට ගෑස් හෝ ලාම්පුතෙල් නොමැති වීම නිසා ලිප ගිනි මොළවා ගැනීමට    පවා නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව කී ඔහු මහනුවර ඉන්ධන පිරවුම් හලක භූමිතෙල් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව සිය සොයුරා පෙරවරු 11.30 ට පමණ භූමිතෙල් ලබා ගැනීම සඳහා නිවසින් පිටව ගිය බවය.

භූමිතෙල් පෝලීමේ සිටියදී ඇදවැටී තිබෙන සහෝදරයාව රෝහල් ගත කිරීමට සෑහෙන වෙලාවක් ගතව තිබෙන බවත් මහනුවර ජාතික රෝහලින් ලැබුණු පණිවිඩයකට අනුව ගොස් බැලීමේදී ඔහු මියගොස් සිටි බවත් ඔහු කීවේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වාහන ජෝගියට කල්පිටියේ දී විරෝධය පෑ සුමිත්ත හිමිට “සිංහලේ ඩෑන්“ බැණ වදී…

Next Post

දෙමටගොඩ චමින්දගේ හිතවතියක් ඩුබායි සිට මෙහෙයවන මහනුවර කුඩු ජාවාරමේ  සුල මුල හෙළි වේ!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.