බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමටගොඩ චමින්දගේ හිතවතියක් ඩුබායි සිට මෙහෙයවන මහනුවර කුඩු ජාවාරමේ  සුල මුල හෙළි වේ!

by editor
මාර්තු 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මරණීය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්දගේ අනියම් බිරිය බව කියන කාන්තාවක් ඩුබායි සිට මහනුවර හා ඒ අවට ප්‍රදේශවල මෙහෙයවූ මත්ද්‍රව්‍යය ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත් වී තිබේ.

ලැබුණු තොරතුරකට අනුව  කළ මෙහෙයුමක දී  මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය    රුපියල් කෝටි  දෙකකට  ආසන්න වටිනාකමින් යුත් හෙරෝයින් ග්රෑම් 901 ක්    සමඟ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අදාළ කාන්තාව සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් පස් දෙනෙකු සැකකරුවන් අතර සිටින බවත් සෙසු පිරිස ඔවුන්ගේ ගෝලයින් බවත් පොලීසිය පවසයි.

හෙරෝයින් මත්කුඩු ග්රෑම් එකක්   රුපියල් 20000.00 ක මුදලට මොවුන් අළෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. ඩුබායි හි සිටින කාන්තාවගේ බැංකු ගිණුමට මුදල් බැරකළ පසු ඇය විසින් ප්‍රධාන ගෝලයින් පස් දෙනාගෙන් කෙනෙකුට මත්ද්‍රව්‍යය තැබිය යුතු ස්ථාන දැනුම් දෙන බවත් ඒ අනුව නගරයේ විදුලි කණු, කුණු බක්කි, කාණු ආදි ස්ථාන වල   ඒවා ස්ථානගත කර ගැනුම් කරුවන්ට දැනුම් දෙන බවත් හෙළි වුණ බව  මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතානගමගේ   පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වැටලීම සිදුකළ පොලිස් කණ්ඩායම…

මෙම සැක කරුවන්ද මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බවත්,  කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මෙම මත්කුඩු ජාවාරම සිදුකර තිබෙන බවත් පවසන පොලිසිය සැකකරුවන් දිනකට රුපියල් 20000.00 සිට 60000.00 ක පමණ මුදලක් වැයකර මත්ද්‍රව්‍යය පානය කර තිබෙන බව හෙළි වී ඇතැයි පවසයි.

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ කළ විමර්ශනයකින් පසු මහනුවර පොලිස් විශේෂ කාර්යාංශයේ හා පොලිස් මත්ද්‍රව්‍යය කාර්යාංශයේද සහය ලබා ගනිමින් මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අදාළ වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් පස්දෙනාගේ ගිණුම් වල රුපියල් ලක්ෂ ගණනින් මුදල් තිබෙන බව මේවන විට අනාවරණය වී ඇත.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ  උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතාන ගමගේ  ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක දසනායක, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන 6588 දිසානායක, 64803 කපිලරත්න, කාන්තා පොලිස් සැරයන් 3818 මංජුලා, පොලිස් කොස්තාපල්වරුන් වන 37661 වික්‍රමසිංහ, 35483 යාපා බණ්ඩාර, 74182 තරංග, 87865 කණිෂ්ක, 93406 ඒකනායක, 96319 බණ්ඩාර යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ  ඉන්ධන පෝළිමේ දී මැරී වැටුණු  පුද්ගලයාගේ මරණයට හේතුව ආතතිය විය හැකියි!

Next Post

හෙට විදුලිය කැපීම සමහර පැතිවලට  පැය 05ක් –  ඉතිරි අයට පැය හතර හමාරක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.