රට පවත්වා ගැනීම වෙනුවෙන් මිත්‍ර රටවලින් ඩොලර් ආධාර ලබා ගත යුතුම අවස්ථාවක පසුවන නමුත් පසුගිය කාලයේ ඩොලර් බිලිය තුනක ආයෝජන ගෙනැවිත් තිබිය දී ස්තුතියි කියන්නේවත් නැතිව හරවා යැවූ ජපානය වැනි රටවල් මේ දැන් අපට උදව් කරනු ඇතිදැයි අවිශ්වාස බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
වර්ෂ 1952 සිට ශ්‍රී ලංකාවේ සමීප මිත්‍රයෙක් වූ ජපානය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ඩොලර් බිලියන 3.5ක ව්‍යාපෘති රටට ගෙනැවිත් තිබුණු අතර ඉතාම අතාර්කික පදනමකින් ඒවා ප්‍රතික්ෂේප විය.
මේ රටවලින් යළි උදව් ඉල්ලිය නොහැකි මට්ටමක අප පසුවන බව කී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව මේ අවස්ථාවේ දී උදව් නොකළා නම් රට මීටත් වඩා බිහිසුණු අගාධයකට ඇදවැටෙන බව පෙන්වා දුන්නේය.







