අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් බිලියනය ගන්න බැසිල් ඉන්දියාවට යන්න පෙර ගැසූ  ගිවිසුම් හතක් ගැන ජ.වි.පෙ හෙළි කරයි…

by editor
මාර්තු 25, 2022
in පුවත්
sunil-hadunneththi
Share on FacebookShare on Twitter

ඉන්දියානු ණය සහනය ලබා ගත්තේ කිසිම කොන්දේසියක් නොමැතිව බව රටට පැවසුවත්  එම ණය මුදල ලබා ගන්නේ ඉන්දියාව හා බැඳුණු ආරක්ෂක ගිවිසුම් 5ක් ඇතුළු ගිවිසුම් 7කට යටත්ව බව    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අද (25) පැවසුවේය.

මේ ගිවිසුම් හරහා රටේ සියලුම පුද්ගලයන්ගේ අනන්‍යතා දත්ත, රටේ අහස, මුහුද සහ ගොඩබිම අතුලු සමස්ථයේ පදනම ඉන්දියාවට පවා දී ඇති ආකාරය ඔහු අද ජනතා විමක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටට හෙළි කළේය.

Sunil-Hadunneththi

 

එහදී සුනිල් හඳුන්නෙත්ති මෙසේත් ප්‍රකාශ කළේය.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහින් රුපියල් බිලියනක ණය අරන් ආපසු එන අවස්ථාවේ කොන්දේසි කිසිවක් නැති බව කීවා. නමුත් ඒ කියනකොටත් ගිවිසුම් ගණනාවක් අත්සන් කර තිබුණා. බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශය සහ මේ ගිවිසුම් අත්සන් කිරීම ගැන ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය මුලින්ම රටට කියන්න ඕනෑ.

බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරයට පෙරාතුව මෙම ගිවිසුම් අත්සන් කළ යුතු බැවින් කැබිනට් මණ්ඩලයේ ආවරණයට යටත්ව අත්සන් කළ බව සඳහන් වෙනවා. මේ කියන්නේ අත්සන් කරන්න පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අත්සන් කිරීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගිවිසුම් හතක්

ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුම් 5ක් ඇතුළු ගිවිසුම් 7ක් මුදල් ඇමතිගේ ඉන්දියානු සංචාරය හා සම්බන්ධව අත්සන් කර තිබෙනවා.

රටේ ජාතික ආරක්ෂාවට අදාළව ගුවන, මුහුද, ගොඩබිම යන සියල්ලම ඉන්දියාවේ අණසකට යටත් කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අත්හැරීමක්.

මේ ආණ්ඩුව බලයට එන අවස්ථාවේ ජන වරමක් ගන්න ඉදිරිපත් නොකළ බොහෝ දේ හදිසියේම සිදු කරමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා හතක් (07) එක දිනයකදී අනුමත කර තිබෙනවා.

ඩ්‍රෝන යානා ආක්ෂාව

ඩ්‍රෝන යානා ආරක්ෂාවට අදාළව 2018 ජනවාරි මාසයේ නව වෙනි දින නවදිල්ලියේ පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සමුළුවේදී සාකච්ඡා වූ බව සඳහන් කර තිබෙනවා. ඒ කියන්නේ මීට කලින් හොර රහසේ තිබුණු සැලසුම් මේවා. අපේ රටේ ආර්ථක අර්බුදයත් මූල්‍ය අර්බුදයත් පාවිච්චි කරලා ලංකාව යළි යටත් කර ගන්න වෑයමක් තමයි මේ තියෙන්නේ.

අද ඇමරිකාව එක්ක පෙළගැහිලා ඉන්න මෝදිගෙ ඉන්දියාව එක්ක මේ කටයුතු කරන්නේ ලංකාවේ මුදල් ඇමතිකම දරන ඇමරිකානු පුරවැසියෙකුයි. ඒ පුරවැසියන්ට මෙරට ජනතාවගේ බරපතළ ප්‍රශ්න කිසිවක් විසඳන්න අවශ්‍යතාවයක් නැහැ. “ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් 2022 මාර්තු 15 වෙනි දින ඉදිරිපත් කරන ලද ප්‍රධාන ලිපියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් එකී ප්‍රදානය කිරීමේ ලිපියට අත්සන් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට” මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ කෙටුම්පතට එදාම කමල් ගුණරත්න මහත්තයා අත්සන් කරනවා. ඊට පස්සේ මාර්තු 18 වෙනිදා ජනාධිපති සහ ආරක්ෂක ලේකම්වරයා කැබිනට් සන්දේශය ඉදිරිපත් කරනවා. මේක සාකච්ඡාවට ගන්නේ මාර්තු 21වෙනිදා කැබිනට් මණ්ඩලයේදීයි.

නමුත් අනුමැතිය ලබා ගන්න විට ඉන්දියාවෙන් ඉදිරිපත් කළ යෝජනාවලට අත්සන් කරලා ඉවරයි. එහෙම නම් කොන්දේසි නෑ කියලා බැසිල් රාජපක්ෂ කියන්නේ කොහොමද?

එයාර්පෝට් එකෙන් එළියට එන්න මේ වගේ ප්‍රකාශ කරලා ලැජ්ජා නැතිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශයේ කොන්දේසි ඇතුළත් කරනවා. ආරක්ෂක ගිවිසුම් 05ක් කැබිනට් මණ්ඩලයටත් හොරා මේ අත්සන් කර තිබෙන්නේ මොකටද කියලා ජනතාව අවදියෙන් ඉන්න ඕනෑ.

පාවෙන තටාකාංගනය

ඊළඟ කැබිනට් සන්දේශයේ ටොන් 4,000ක පාවෙන තටාකාංගනයක් ස්ථාපිත කරන්න අනුමැතිය ලබා ගෙන තිබෙනවා. ලංකාවේ ධීවරයන්ගේ මාළු සම්පත කොල්ලකාගෙන යද්දි එය වළක්වන්න අත්සන් කරන එකක් නොවෙයි මේක. කොළඹ ඩොක්යාඩ් එක තියෙද්දි මේ වගේ එකක අවශ්‍යතාවය මොකක්ද?

ඒ වගේම 2020 පෙබරවාරි 19 වෙනිදා අංක 20/027/23/020 දරන කැබිනට් තීරණය මගින් ජාත්‍යන්තර තරඟකාරී ලන්සු කැඳවා මේ තටාකාංගනය ඉදිකිරීමට මූලික අඩිතාලම දාලා තියෙනවා. ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවා තියෙන්නේ කොහේද? ඉන්දියානු මහ කොමසාරිස් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ බලපෑමට සියල්ල කරලා ඉවරයි.

2020 අරන් තිබෙන කැබිනට් තීරණය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා ලන්සු තැබීමේ ක්‍රමයට නොගිහින් බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරලා එනවා. මේවා යට තියෙන කතාව අපේ රටේ ජනතාව දැන ගන්න ඕනෑ.

ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවේ කඩිමුඩියේ මේ ගිවිසුම් අත්සන් කරන්නේ රටේ ජනතාවට හොරෙන්.

ඇත්ත කුමක් ද?

මොවුන්ගේ මූලික අරමුණ මේ රටේ ජනතාව පෙළෙන මූලික ප්‍රශ්නවලට උත්තර ලබා දෙන එක නෙමෙයි. 2017 අප්‍රේල 26 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශයක් 2018 ජනතාවරි 09 වෙනිදා නවදිල්ලියේ තිබුණු 05 වෙනි ආරක්ෂක සමුළුවට පදනම් කර ගෙන තිබෙනවා. ඩොලර් බිලියන 06ක ලොජිස්ටික් සැපයීමට භාරත් ඉලෙක්ට්‍රිකල් සමාගම යොදා ගන්නවා. මේ ගිවිසුම අනුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලස්ථානය යොදා ගන්නවා.

එතන ඉඳලා උතුර නැගෙනහිර ඇතුළුව ශ්‍රී ලංකාවේ වෙරළත් නාවික හමුදාවත් මේ ව්‍යාපෘතියට යොදා ගැනීමට නියමිතයි. මෙහෙම දෙයක් කරන්න ආණ්ඩුවට ජනතාව අනුමැතිය ලබාදී තිබෙනවද?

ලංකාවෙ අයි.ඩී. එක හදන ව්‍යාපෘති මණ්ඩලයේ මණ්ඩලයේ 10න් 06ක් ඉන්දියාවෙ

තාක්ෂණ අමාත්‍යංශය යටතේත් ඉදිරිපත් කර තිබෙන කැබිනට් සන්දේශය මේ වගේමයි. තාක්ෂණ ඇමති හැටියට ජනාධිපති 2022 ජනවාරි 28 වෙනිදා මීට අදාළ මුල්ම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඩිජිටල් අනන්‍යතා හැඳුනුම්පත ඉන්දියානු රජයේ මූල්‍ය පහසුකම් යටතේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය අරන් තියෙනවා. මෝදි අගමැතිතුමා එනකොට කළුකොඩි දාපු අය කැබිනට් මණ්ඩලයේ ඉඳලා මේවට අත ඉස්සුවා. වීරවංශ, ගම්මන්පිල වගේ අය ඩිජිටල් අනන්‍යතා හැඳුනුම්පතට අත ඉස්සුවා.

ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරන මේ වෙනුවෙන් කමිටුවක් පිහිටුවනවා. 10 දෙදෙකුගෙන් හදන මේ කමිටුවේ සම සභාපතිත්වය ඉන්දියාවත් ලංකාවත් දරනවා. රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් මේ වෙනුවෙන් පත් කරනවා. මේ වෙනුවෙන් පත් කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ තනතුරු 9ක් නම්කර තිබුණත් ඉන්දියාවෙන් පත් කළ යුතු 10 වෙනියාගේ තනතුර සඳහන් කර නැහැ. ඒ අතර නිශ්චිතව නම් කර තිබෙන 9 දෙනාගෙන් 5 දෙනෙකු ඉන්දියාවෙන්. අනික් කෙනා ඉන්දියාවන් පත් කළාම තනතුරු 10න් 6ක් ඉන්දියවේ. ලංකාවට හදන ඩිජිටල් අනන්‍යතා පද්ධතියේ 6 දෙනෙකු ඉන්දියාවේ.

ඩොලර් කෝටි 100කට ලංකාව ඉන්දියාව ළඟ දණගස්වපු පාවාදීමේ ගිවිසුම් මේ වගේ. 1987 ලංකාවට පරිප්පු දාලා බලහත්කාරයෙන් අත්සන් කරවා ගත් ගිවිසුම්වලටත් වඩා භයානක විදිහට මේ ක්‍රියාමාර්ග දියත් කර තිබෙනවා.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ගත්තට පස්සේ චීනෙන් ඩොලර් බිලියන 2.5ක් ගන්න ක්‍රියා කර ගෙන යනවා. චීන විදේශ ඇමතිවරයා හදිසියේම ඉන්දියාවට ඇවිත් ඉන්නවා. ඊට පස්සේ ඇති වෙන තත්වය මොකක්ද?. භූ දේශපාලනයේදී ඊළඟට සිදු වන්නේ මොනවාද?. ලංකාවේ ඇති කර තිබෙන දරුණු ආර්ථික අර්බුදය ආණ්ඩුව විසින් යැපුම් මාර්ගයක් බවට පත්කර ගෙන තිබෙනවා.

තෙල් ගන්න මුවාවෙන් අර්බුදය අස්සෙ සිදුවූ කොල්ලය… සමාගම් නියෝජිතයා අකුරු තුනේ රාජපක්ෂ කෙනෙක්

විදුලි බල අමාත්‍යංශයෙන් මාර්තු 18 වෙනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මීට හොඳම නිදර්ශනයක්. එය විදුලි බල මණ්ඩලය සතු තාප බලාගාර සඳහා හදිසියේ ඉන්ධන මිලදී ගැනීමට අදාළවයි. මේ මාෆියාවේ ප්‍රධානම කොටස තියෙන්නේ හදිසි මිලදී ගැනීම්වලින්. ඩුබායි සමාගමකින් මෙතෙක් අරන් තිබෙන ඉන්ධන වෙනුවට දකුණු අප්‍රිකාවේ සෙන්ට් ඉග්නාසස් එනර්ජි සමාගමෙන් මිලට ගන්න යනවා. ටෙන්ඩර් ඉදිරිපත් කිරීමකින් තොරව වහාම මිලට ගන්න පදනමින් මේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ලංකාවට ඉන්ධන සහ විදුලිය සැපයීම පෙන්වා ජාවාරම් දියත් කර තිබෙන්නේ කැබිනට් අනුමැතියට මුවා වෙලා. මීට අත්සන් කර තිබෙන්නේ සමාගම් නියෝජිතයෙක් හැටියට අකුරු තුනේ රාජපක්ෂ කෙනෙක්. විදුලිබල ඇමති කැබිනට් පත්‍රිකාවට අත්සන් කරනවා විතරයි. දකුණු අප්‍රිකාවේ එක සමාගමකින් ඉන්ධන ගන්න මාර්තු 12 වෙනිදා විදුලිබල ඇමතිවරිය ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවේ ක්‍රියාමාර්ගවල බලවතා වෙනත් අයෙක්. ශ්‍රී ලංකා රුපියල්වලින් 188.06කට ඇමරිකානු ඩොලර් එකක් ලබා ගෙන මේ වෙනුවෙන් ගෙවීමට නියමිතයි. දැන් ඇමරිකන් ඩොලර් එක රුපියල් 290ට යනකොට මේ වගේ කොන්දේසියක් දාන්නේ කොහොමද?.

හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන මිලදී ගන්නා මේ ගිවිසුම අවුරුදු 5ක් දක්වා අඛණ්ඩව පැවතීමට නියමිතයි. මේවා ජනතාව අතර සංවාදයට ලක් වෙන්නේ නෑ. මේ මොනවාද වෙන්නේ කියලා පවිත්‍රාදේවි දන්නෙත් නැතිව ඇති. ඇත්ත තත්වය මේක.

මේ විදිහේ අර්බුද හදලා උත්තර හොයන්නේ මේ වගේ අපරාධවලින්. රාජපක්ෂවරු යුද්ධය කරලා රට බේරා ගත්තා කියලා, ජාතිවාදය සහ ආගම්වාදය පාවිච්චි කරලා ඇත්තටම කටයුතු කරන්නේ මේ ආකාරයටයි.

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද පඩි ගෙවා ගන්නවත් බැරි තත්වයට පත් කරලා, නායකයින් අර්බුදයේ දියබුං ගහනවා. මේ ගැන සිහි බුද්ධියෙන් ඉන්න කියලා අපි මේ රටේ ජනතාවට කියනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 17ක තුළ ඩොලරය රුපියල් 300ට යයි!

Next Post

ප්‍රධාන කරුණු 05ක් යටතේ දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡාවක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.