ඉතිහාසයේ පළමු අවස්ථාවට ඇමෙරිකානු ඩොලරයේ අගය අද (25) මෙරට බැංකු පද්ධතිය තුළ රුපියල් 300 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම මිල රුපියල් 290 සිට 300 දක්වා සීමාවේ පවතින අතර එක් පෞද්ගලික බැංකුවක් අද සිය ඩොලර් විකිණීමේ මිල ලෙස සටහන් කර තිබුණේ රුපියල් 300කි. ඒ අනුව පාවෙන විනිමය අනුපාත ක්‍රමයට රුපියල් පත් කොට දින 17ක් තුළ එය රුපියල් සියයකට ආසන්න පුමාණයෙන් අවප්‍රමාණය වී තිබේ.
මේ වනවිට ඩොලරයේ අගය පාවෙන අගයකට පත් කිරීමට මහ බැංකුව පියවර ගත්තේ පසුලිය මාර්තු මස 07 වැනිදාය. එදින ශ්‍රි ලංකා මහ බැංකුව අපේක්ෂා කළේ එතෙක් රුපියල් 202ක රඳවා තිබූ ඩොලරයේ අගය බැංකු විසින් නම්‍යශීලී අනුපාතයක් මත රුපියල් 230ක අගයක රැඳෙනු ඇති බවය.
එසේ වුවද පවතින ඩොලර් සැපයුමේ අර්බුදය හේතුවෙන් රුපියල ක්‍රමයෙන් අවප්‍රමාණය වූ අතර බොහෝ වානිජ බැංකු තවමත් දැඩි ඩොලර් හිගයකින් පෙලෙන බව බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.







