සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම ඇය අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තාය.
අදාළ පෙත්සම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවත් එය ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ..
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුනි.









