ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගොඩනගන සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ශෙහාන් සේමසිංහට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම අමාත්‍යවරුන් පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කරමින් පොහොට්ටුවේ යම් දේශපාලනික එකඟතා ද බිඳ දමා තිබිණි.
පොහොට්ටුවේ අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහට නොලැබී යෑමේ අවදානම වැඩිවීමත් සමග මේ වනවිට රනිල් වාදී දේශපාලනයක යෙදෙන මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්ත, කාංචන විජේසේකර ඇතුළු කණ්ඩායමක් දැනටමත් නව සන්ධානය පිහිටුවීමේ මූලික කටයුතුවල ඉදිරියෙන්ම සිටින බව ද දැනගන්නට ඇත.









