දිනසේන රතුගමගේ –
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ තුන්වන අදියරේ කටයුතු අවසන් කර ඉදිරි කැණිම් කටයුතු 16 දා සවස මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත තාවකාලිකව නවතා දමා කැනීම් අවසන් කර ලේඛනගත කර වාර්තා කරගත් කොටසක් ද පස් වලින් දැමුවේය.
සමූහ මිනී වලේ තුන් වන අදියරයේ කැණිම් කටයුතු වලදී මිනිස් ඇට සැකිලි 12 ක් හමු වී තිබුණි. ඒ අනුව එම සමූහ මිනී වලෙන් මෙතෙක් ගොඩ ගන්නා ලද මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 52 කි.
මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ නියෝගයකට අනුව එම සමූහ මිනී වලේ නිරීක්ෂණ කටයුතු සදහා ස්කෑන් යන්ත්‍ර හා වෙනත් උපකරණ භාවිතයට ගෙන තිබිනි.
ඒ අනුව සමූහ මිනී වලේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසත් මෙතෙක් කැණීම් සිදු කළ සමූහ මිනී වළේ අර්ධයක් වසා දමන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ. මෙතෙක් එම සමූහ මිනී වලෙන් ගොඩ ගෙන ඇති මිනිස් ඇට සැකිලි 52 ඉතා සුරක්ෂිතව මුලතිව් අධිකරණයේ ගබඩා කොට තිබේ.
මෙම සමූහ මිනී වළ නිරීක්ෂණය කීරීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු පිළිබදව වූ නියෝජිතවරුන්ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නියෝජිතයින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුලුව විශාල පිරිසක් ගත වූ කාලය තුළ පැමිණ සිටියහ.









