දිනසේන රතුගමගේ –
වවුනියාවේ පූවරසන්කුලම් මඩුකුලම් ප්‍රදේශයේදී ට්‍රැක්ටරයකට යටවීමෙන් අද (01) සවස පහළොස් හැවිරිදි සිසුවෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් තවත් සිසුවෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එස්.සදූශන් නැමති පාසල් සිසුවෙකි.
ඔහු හා මිතුරා ටැක්ටරයක ගමන් කරමින් සිටියදී හදිසියේම ටැක්ටරය පෙරළී යාම නිසා සිසුන් දෙදෙනාම ඊට යට වී තිබේ.
පෙරළී ගිය ටැක්ටරය රෝද උඩු පැත්තට වන සේ පෙරළී ගොස් ඇත.
පළාතේ වැසියන් දැඩි අසීරුවෙන් ටැක්ටරය ඔසවා ඊට යට වූ දෙදෙනාව පුවරසන්කුලම රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් එක් සිසුවෙක් මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත.
අනෙක් තුවාලකරු වවුනියාව මහ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
පූවරසන්කුකම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.