අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමන්ගේ සීමාව නොදැන නැගෙනහිර නටන්න ගිය තොණ්ඩාගේ “හනුමන් නැටුම”  අධිකරණයෙන් වළක්වයි…

by editor
සැප්තැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් තමන් වෙත ව්‍යවස්ථාවෙන් ලැබි ඇති බලය ඉක්මවා යමින් කටයුතු කිරීම වළක්වාලමින්  භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින්  අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා ගත්තේය.

ඛනිජ සම්පත් හා ඒවායේ කැණීම් සම්බන්ධ හා ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලතල මධ්‍යම ආණ්ඩුව  යටතේ   ක්‍රියාත්මක වන භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත තිබිය දී නැගෙනහිර පළාත තුළ සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව දන්වා ව්‍යාපෘති නතර කිරීම සම්බන්දව එම කාර්යාංශය අධිකරණය හමුවේ සිය පෙත්සම ගොනු කර තිබිණි.

භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් දින 14ක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමින්  සඳහන් කර තිබෙන්නේ ඛනිජ  කැණීම්, ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම්, ඒවා කළමනාකරණය කිරීම් යනාදී කටයුතුවල පූර්ණ බලය මධ්‍යම රජය යටතේ ඇති  තම කාර්යාංශය වෙත පැවරී තිබෙන බවයි.

ඒ අනුව පෙත්සම්කාර කාර්යංශය අධිකරණය හමුවේ පවසන්නේ තමන්ට හිමි ව්‍යවස්ථාපිත බලය අනුව  විමර්ශන සිදුකර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම් සිදුකළ හැකි වර්ග කිලෝමීටර් 13ක භූමි භාගයක් හඳුනාගෙන  එම ප්‍රදේශයේ කැණීම් සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අනුමැතිය  ලබා ගත් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව  අදාළ ඉඩමේ අවශ්‍ය කැණීම් කටයුතු කිරීම සඳහා “මිඩ් වෙස්ට් හෙවි සෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්” නමැති සමාගම සමග ගිවිසුම්ගත වී ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කර තිබේ.

බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අදාළ සමාගම විසින් කැණීම් කටයුතු  ආරම්භ කර ඇත.

ඒ අවස්ථාවේ දී  නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත නැගෙනහිර පළාත් ලේකම්වරයා විසින් ඉකුත්   ලිපියක් යොමු කරමින් පළාත් ඛනිජ ඇගයීම් කමිටුවේ වෙත අදාළ යෝජනාව යොමුකර අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු බවත් එතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර දිය නොහැකි බවත් අදාළ සමාගම වෙත දැනුම්දී  තිබේ.

එහෙත් ඛනිජ සම්පත් හා ඒවායේ කැණීම් සම්බන්ධ හා ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලතල පැවරී තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය වෙතය.

ඛණිජ සම්පත් හා සම්බන්ධ කටයුතු පළාත් සභා විෂය පථයට අදාළ නොවේ.  නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභා වෙත පැවරී තිබෙන බලතල අභිබවා ගොස් කටයුතු කිරීමක් බව  ඒ අනුව  පෙත්සම්කාර ආයතනය පවසයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය අභිබවා ගොස් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ලිපිය මත පදනම්ව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබිණි. – දෙරණ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ට්‍රැක්ටරයකට යට වී 15 හැවිරිදි සිසුවෙක් එතැනම මිය යයි… තවත් සිසුවෙකුට බරපතලයි!

Next Post

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රි ලංකා නිල සංචාරය අවලංගුයි! මිසයිල නාශක යුද නැව පමණක් කොළඹට එයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.