“ජොන්ස්ටන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ අතුල කියලා“ ප්‍රවීන නිලි දුලීකා මාරපණ පවසයි.
පාර්ලිමේන්තුව තුළ ජොන්ස්ටන් ප්‍රානාන්දු ඇමතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව මාධ්‍ය වේදියෙක් කළ විමසීමකට ඊයේ දියත උදන අසල පැවති ජනාතා උද්ඝෝෂණයක් අතරතුර දුලීකා මාරපණ එසේ කීවාය.
විරුවෙක් සේ මිනිස්සුන්ගේ කරපිටින් පැමිණි ජනාධිපතිවරයාට ගෝටා ගෝ හෝම් කියන්නට රටම එළියට බැස ඇත්තේ කුමක් නිසා දැයි ඔවුන්ම ඔවුනගෙන් විමසිය යුතු බව කියන දුලීකා මාරපණ මේ අරගලයට විසඳුම සොයා ගත යුත්තේ පාර්ලිමේන්තුවේ සිටිනා 225ගෙන්ම බව කියයි.
“ එහෙම නැතිනම් උන් උන්ගෙ කිළිටි ඇඳුම් ටික ගලවලා දාලා සුදු ඇඳන් ආයෙත් මේ උද්ඝෝෂණයෙ අතරෙ ඉඳගන්නෙ උන්. පැහැදිලි ඉලක්කයක් කාර අපි ගමන් කරමු.
මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව හා ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි කියන්න තියන සියලු දේවල් මේ වෙලාවෙ කියනවා. එහෙමනම් ජනාධිපතිවරයා කල්පනා කරන්න ඕන මහා විරුවෙක් වගේ ජනාතවගේ කර පිටින් ආපු මිනිස්සුම ඇයි මේ පයින් ගහලා පන්නන්න හදන්නෙ. තමන්ගෙ මඩිය තර කරගත්තා විතරයි. ජනතාවට කළ දෙයක් නෑ.
මේ එකතු වෙලා ඉන්න අපි කියන්නෙ අයි.එම්.එෆ් එකත් එක්ක එකතු වෙන්න. මේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා 19 වැනි ව්‍යවස්ථාව බලගන්වන්න… “
“මේ අරගලය දියාරු වෙන්න දෙන්න එපා. නැවත වරක් කාලකන්නි කිඹුලෙක් ජනාධිපති පුටුවෙ තියන්න අපට ඕන වෙන්නෙ නෑ…“