ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට සැරසෙන යාචකයෙක් පිළිබඳව අරුණ පුවත්පත වාර්තා කරයි.
පූල්පාන්ඩ් නම් මෙම යාචකයාය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තූත්තුකුඩි හි පුද්ගලයෙක් බව එම වාර්තාවේ දැක්වේ.
ඔහු මේ වනවිට ඉන්දියානු රුපියල් විසි දහසක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එම මුදල ලංකාවේ මුදලින් රුපියල් 83,200කි.
ඔහු මීට පෙර කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා තමන් සතුව තිබූ ඉන්දීය රුපියල් 90000ක් පමණ පරිත්‍යාග කර තිබේ.
“ කිසිවෙකුත් මං වගේ සිඟමන් යදින්න එපා. මට සිඟමන් යැදලා දුගී දුප්පත් අයට උදව් කරන්න පුලුවන්. මං සල්ලිවලට ආසා නැති මනුස්සයෙක්. ඒ හින්දා පුලුවන් විදිහට මම උදව් කරනවා.“ ඔහු පවසන්නේ එසේය.