පවතින අධික උද්ධමනකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන්නන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත්වල ශේෂය දැඩිලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව මහ බැංකු දත්ත හෙලි කරන්නේ පසුගිය ජූලි මාසයේ සමස්ත ක්‍රෙඩිට් කාඩ් ශේෂය රු. බිලියන 396කින් පහළ ගොස් ඇති බවයි.
තවද, සමස්ත ක්‍රෙඩිට් කාඩ් ශේෂයන් වසරින් වසර වෙනස්වීම සෘණ රු. මිලියන 564ක් දක්වා ඉහළ ඇති බව ද එම දත්ත පෙන්වා දෙයි.
ජූලි මාසය අවසන් වන විට මෙරට බලපත්‍ර ලාභී වාණිජ බැංකුවලට රු. බිලියන 132.72ක් වටිනා ණය කාඩ්පත් වත්කමක් පැවති බවද එම දත්තවල සඳහන් ය.
විශේෂයෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන මිල ඉහළ යෑම මෙම දැවැන්ත ක්‍රෙඩිට් කාඩ් ණය ඇතිවීමට හේතු වී ඇති බව විශ්වාස කෙරෙන අතර එවැනි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ ඉන්ධන හිඟය නිසා බොහෝ දෙනා අමතර ක්‍රියාකාරකම් නවතා තම නිවෙස්වල කාලය ගත කරන පසුබිමක වීම ද විශේෂත්වයකි.







