අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

හෙට ජනාධිපති රනිල්ගේ අයවැයෙන් සිදුවන්නේ කුමක් ද?…

by editor
අගෝස්තු 29, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්වීමෙන් අනතුරුව පැවසුවේ රජය වෙනස්වීමත් සමඟම අමාත්‍යංශ ප්‍රමාණය වෙනස්වීම හා වියදම් ප්‍රමාණය වෙනස්වීම නිසා රටේ විශාල වෙනස්කම් සිදුවී ඇති බැවින් මේ වසර සඳහා සම්මත වී ඇති අයවැය සංශෝධනය කළ යුතු බවත් ඒ වෙන්වෙන් අතුරු අයවැයක් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන අගෝස්තු 31, සැප්තැම්බර් 01 සහ 02 යන දිනවල පැවැත්වේ.

2021 අංක 30 දරන විසර්ජන පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ පළමු වන වර කියවීම වශයෙන් 2022 අගෝස්තු 09 වැනි දින මුදල් අමත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

එම පනත් කෙටුම්පතට අනුව, 2021 අංක 30 දරන විසර්ජන පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් වූ, රුපියල් දෙදහස් හත්සිය අනු හය බිලියන හාරසිය හතලිස් හය මිලියන පන්සිය පනස්අට දහසක් (රු. 2,796, 446,558,000) යන වචන වෙනුවට රුපියල් තුන් දහස් දෙසිය හැත්තෑ පස් බිලියන අටසිය හැත්තෑ හය මිලියන පන්සිය පනස් අට දහසක් (රු. 3,275,876,558,000) යන වචන ආදේශ කෙරේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

  • අමාත්‍යංශ වියදම් තවත් ඉහළට

ඒ අනුව විසර්ජන පනත සංශෝධනය කිරීමෙන් අමාත්‍යංශ වියදම් තවදුරටත් ඉහළ යනු ඇත. පෙර ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව, 2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා විදයදම් දැරීමට 2022 ජනවාරි මස 1 වැනි දින සිට 2022 දෙසැම්බර් 31 වැනි දක්වා රුපියල් බිලියන 2,796.4 ක මුදලක් ඇස්තමේන්තුගත කොට තිබිණි.

නව සංශෝධනයට අනුව 2022 වර්ෂයේ ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට වෙන් කළ මුදල රුපියල් බිලියන 3,275.8 දක්වා ඇස්තමේන්තු ගත මුදලකින් වැඩි වන අතර ඒ අනුව රුපියල් බිලියන 929.4 කින් අමාත්‍යාංශ සේවා කාර්යය සඳහා අවශ්‍ය වන වියදම් වැඩිවී ඇත.

  • අමාත්‍යංශ 06කට ඉහළම මුදල් වෙන් කිරීමක්

සමස්ත අමාත්‍යාංශ වියදම් වෙන් කිරීම් වලින් සියයට 73 ක් අමාත්‍යාංශ 6ක් අතරේ වෙන් කිරීමට යෝජනා කිරීම කැපී පෙනෙයි. ඉතිරි අමාත්‍යාංශ 23 සඳහාම වෙන්වන්නේ සියයට 27 කි.

එම අමාත්‍යංශ හය නම්, රාජ්‍ය පරිපාලන සහ පලාත්පාලන, මුදල් හා ආර්ථික ස්ථායිතා අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශයයි.

2022 විසර්ජන පනතට 2022 අගෝස්තු මස 09 වැනි දින ඉදිරිපත් කළ සංශෝධනය මගින් රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යංශය සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇති මුදල රුපියල් බිලියන 735කි. එයට වැඩිම මුදලක් වෙන් කරන ලද අමාත්‍යංශය වන්නේ එයයි.

මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 467ක් සහ ආරක්ෂක අමාත්‍යංශය සඳහා රුපියල් 376ක් වෙන් කර ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 307ක්, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 270කි.

සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් බිලියන 248ක් සහ අධ්‍යාපන අමාත්‍යංශයට රුපියල් බිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.

  • 2022 මුදල් වර්ෂයේ අමාත්‍යාංශ සඳහා මුදල් වෙන් කිරීම

2021 අංක 30 දරන අනුමත විසර්ජන පනත සහ ඊට ඉදිරිපත් කරන විසර්ජන සංශෝධන පනතට අනුව අමාත්‍යාංශ බෙදා වෙන් කිරීම් වෙනස් වේ.

විශේෂයෙන් 2022 මුදල් වර්ෂයට අදාලව 2021 ඔක්තෝබර් මස 07 වැනි දින එවක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද විසර්ජන පනතෙහි විශේෂ වියදම් ඒකක වලට අමතරව අමාත්‍යාංශ 32 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 43 ක් වශයෙන් පැවතිණ.

ඒ අනුව සමස්ත අමාත්‍යාංශ සේවා වියදම් සැපයීම වෙනුවෙන් 2021 ඔක්තෝම්බර් මස 07 වැනි දින විසර්ජන පනත් කෙටුම්පතේ රුපියල් බිලියන 2,505 ක් වෙන් කොට තිබිණ.

එම විසර්ජන පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව 2021 දෙසැම්බර් මස 10 වැනි දින 2021 අංක 30 දරන විසර්ජන පනත වශයෙන් සහතික කෙරිණ.

එම පනතට අනුව අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද මුදල රුපියල් බිලියන 2,796 ක් වශයෙන් වෙනස් වනු ඇත.

2022 මුදල් වර්ෂයේ ඉදිරි මාස කිහිපය සඳහා ඉදිරිපත් කෙරෙන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ සේවා වියදම් දැරීම වෙනුවෙන් රුපියල් බිලියන 3,276 ක් වෙන් කොට ඇත.

මෙම මුදල වෙන් වන්නේ අමාත්‍යාංශ 29 ක් සඳහා වීම (විශේෂ වියදම් ඒකක හැරුණු කොට) විශේෂත්වයයි.

කෙසේ වෙතත් මීට පෙර අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද මුදල් සහ වියදම් නොදරන ලද මුදල් ද යන සියල්ලෙහිම එකතුවක් ලෙස මෙය දැක්වෙන බවට පාර්ලිමේන්තුවේ පරීක්ෂණ අංශය සඳහන් කරයි.

එහෙයින් පැවති විසර්ජන පනතට අනුව නව විසර්ජන පනතින් සේවා වියදම වෙනස් වන්නේ රුපියල් බිලියන 480 කින් බවට පාර්ලිමේන්තුවේ පරීක්ෂණ අංශය සඳහන් කරයි.

  • රජයේ ණය ගැනීම් සීමාව තවත් බිලියන 892කින් ඉහළට

එම පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ අඩංගු රුපියල් බිලියන තුන්දහස් දෙසියයක් (රු. බිලියන 3,200) වන වචන වෙනුවට රුපියල් බිලියන හාර දහස් අසු දෙකක් (රු. බිලියන 4,082) යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කෙරේ.

එමගින් 2022 මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකාව තුළින් හෝ ඉන් බැහැරින් ලබාගන්නා ණය මුදල එම වර්ෂය තුළ රු. බිලියන 3,200 සිට රු. බිලියන 4,082 ක මුදලක් දක්වා වැඩි කරනු ලැබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව රජයේ ණය ගැනීමේ සීමාව රු. බිලියන 892 කින් පමණ වැඩි කොට ඇත.

2021 අංක 30 දරන විසර්ජන පනතේ 2 වන වගන්තියේ 4 වන උපවගන්තියේ සඳහන් රුපියල් දෙදහස් හයසිය විසි තුන් බිලියන එකසිය විසි තුන් මිලියන හාරසිය හතලිස් දෙදහසක් (රු. බිලියන 2,623) යන වචන වෙනුවට රුපියල් දෙදහස් නවසිය එක් බිලියන එකසිය විසිතුන් මිලියන හාරසිය හතලිස් දෙදහසක් (රු. මිලියන 2,901) යන වචන ආදේශ කෙරේ.

4 වන උප වගන්තිය සංශෝධනයත් සමග, 2022 මුදල් වර්ෂය තුළ සේවා වියදම් සඳහා නීති මගින් ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු බවට බලය ලබාදෙන රජයේ ඇස්තමේන්තුගත වියදම හෙවත් ණය සේවා කරණ වියදම රුපියල් බිලියන 2,623 සිට රුපියල් බිලියන 2,901 දක්වා වැඩි කිරීමට අවස්ථාව ලබාදී ඇත.

ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තියට අනතුරුව 9 (අ) වශයෙන් නව වගන්තියක් 2021 අංක 30 දරන විසර්ජන පනතට නව සංශෝධනය මගින් ඇතුලත් කෙරේ.

ඒ අනුව 2022 ජනවාරි මස 1 වැනි දින සිට 2022 දෙසැම්බර් මස 31 දක්වා වූ කාලසීමාව තුළ වියදම් සඳහා මුදල් ප්‍රතිපාදන සලස්වමින් පාර්ලිමේන්තුව විසින් 2022 වසර තුළ මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාව යටතේ සම්මත කරනු ලැබූ යෝජනා වල කුමක් සඳහන් වුවත්, අදාල යෝජනා සම්මතවල නිශ්චිතව දක්වා ඇති යම් ශීර්ෂයක් යටතේ දැක්වෙන යම් වැඩසටහනකට වෙන් කරන ලද මුදල්වලින් අදාළ කාලසීමාව තුළ දී වියදම් කරන ලද එකී සියලු මුදල් ප්‍රමාණය මෙම නව පනත ආරම්භ වන දිනට පෙරාතුවම වූ දිනයේ දී වියදම් කර නොමැති යම් මුදලක් වේ ද මෙම පනතේ උපලේඛණවල නිශ්චිත දක්වා ඇති ශීර්ෂ යටතේ වූ වියදම් දැරීමට එම මුදල් ද වෙන් කරන ලද මුදල් ලෙස සැලකිය යුතුය.

එම සංශෝධනයට අනුව, 2022 මුදල් වර්ෂ සඳහා කලින් අනුමත කරන ලද 2021 අංක 30 දරන විසර්ජන පනතේ යටතේ වූ මුදල් ඒ ඒ අමාත්‍යාංශයන් හි නිශ්චිත ශීර්ෂ යටතේ දක්වා ඇති වැඩසටහන්වලට වෙන් කරන ලද මුදල් වියදම් කර අවසන් කොට නොමැති හෙයින් එම මුදල් ද මෙම සංශෝධනය යටතේ තවදුරටත් වියදම් කිරීමට බලය ලබා දෙනු ඇත.

ඒ අනුව යමින්, 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ ඉදිරිපත් කරන ලද 2022 මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තු ගත මුදල විශේෂ වියදම් ඒකක (ජනාධිපති ඇතුලු කොමිෂන් සභා කාර්යාල සඳහා වූ වියදම්) සහ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද මුදල් ද සංශෝධනය වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පාලනය කරන්නෙ බිත්තර සංගමය ද?. බේකරි හිමියෝ අසති…

Next Post

ජූලි මාසය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ශේෂය රුපියල් බිලියන  396කින් හිඳෙයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.