ශ්‍රියානි විජේසිංහ –
මෙතෙක් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ වැඩ ආවරණය කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරේ ස්ථීර කරමින් පත්වීම ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සමග රෝහල් ඇතුලු සෞඛ්‍ය ආයතන 70කට තාවකාලික පදනමින් පත්කර තිබූ පරිපාලන සේවා වෛද්‍ය තනතුරු 70ක් සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ද පැවැත්වීමෙන් පසු ස්ථීර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව පසුගිය සතිය තුළදී කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මීට වරස කීපයකට පමණ පෙර ඉදිරිපත් කල ඉල්ලුම්පත්‍ර අනුව මෙම පත්විම් ලබා දීම කර ඇති බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
පත්වීම ලබා දී දින තුනක් තුළ අදාල ස්ථානයේ රාජකාරීයට වාර්තා කළ යුතු බවත් එසේ නොකරන වෛද්‍යවරුන්ගේ පත්විම අවලංගු කර ලැයිස්තුවේ ඊළගට ලකුණු ලබා ගත් වෛද්‍යවරයාට එම අවස්ථාව ලබාදෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කළේය.
ඇතැම් වෛද්‍යවරුන් දුර වැඩි බව පවසමින් හා විශ්‍රාම යාමට ආසන්න බව පවසමින් නව පත්වීම් ලබා නොගන්නා අවස්ථාවන් වලදී ලැයිස්තුවේ ඊළගට සිටින වෛද්‍යවරයාට එම අවස්ථාව හිමිවන බවද පරිපාලන සේවයේ වෛද්‍යවරුන්ට යම් ආරක්ෂාවක් අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ ඉල්ලීමක් මත රාජකාරියට වාර්තා කිරිම දින කීපයකින් පමා කර ගත හැකි බවද අමාත්‍යංශ ප්‍රකාශකයා සදහන් කළේය.