බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව වැඩිම උෂ්ණත්වයකින් යුත් ස්ථාන දහය….

by lankasara-editor
අප්‍රේල් 3, 2024 - Updated on අප්‍රේල් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණ තත්වය නිසා ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ඇතැම් රටවල වෙසෙන පුද්ගලයින් ද පීඩාවට පත් ව සිටිනවා. ඒ අනුව අප වෙසෙන මේ පෘථිවියේ උණුසුමින් අධිකම ස්ථාන මොනවාද යන්න පිළිබඳව සොයා ලැයිස්තුගත කිරීමට පර්යේෂණ කණ්ඩායමක් කටයුතු කර තිබෙනවා.

උණුසුමින් වැඩිම ස්ථාන 10 ක් එලෙස ලැයිස්තුගත කර තිබෙනවා. නමුත් ඔවුන් පවසන්නේ ලැයිස්තුවේ ඇති ස්ථානවල  උෂ්ණත්වය සෑම විටම නියත අගයක නොපවතින බවයි.

10  සෞදි අරාබියේ ජෙඩා නගරය

පෘථිවියේ උණුසුම්ම ස්ථාන ලැයිස්තුවේ 10 වන ස්ථානයේ පවතින්නේ සෞදි අරාබියේ ජෙඩා නගරය වන අතර එහි වාර්තා වුනු වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 52  (125.6 ° F) 2010 වසරේ ජුනි මස 22 වන දා  වාර්තා වී තිබුනා. ජෙඩා, වරාය නගරයක් වන අතර එය සෞදි අරාබියේ නවීන වාණිජ මධ්‍යස්ථානයක් ද වනවා. එමෙන්ම ජෙඩා නගරය යනු, ඉස්ලාමීය ශුද්ධ නගර වන මක්කම සහ මෙඩිනා වෙත සිදු කරන වන්දනා ගමන් සඳහා වන දොරටුවක් ලෙසද හැඳින්වෙනවා.

සෞදි අරාබියේ ජෙඩා නගරය

9 මෙක්සිකෝවේ මෙක්සිකාලි නගරය

1995 වසරේ ජුලි මස 28 වන දා මෙක්සිකෝවේ මෙක්සිකාලි නිම්නයේ සෙල්සියස් අංශක 52 ක (125.6°F)  උෂ්ණත්වයක් වාර්තා වී තිබුනා. මෙය පෘථිවියේ ඕනෑම තැනක වාර්තා වූ 9 වැනි උණුසුම්ම උෂ්ණත්වය බව වාර්තා වනවා.  මෙක්සිකානු ප්‍රාන්තයේ බජා කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරේ පිහිටි මෙම ප්‍රදේශය උණුසුම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර එය හැඳින්වෙන්නේ ‘සූර්යයා ග්‍රහණය කරගත් නගරය’ යන අන්වර්ථ නාමයෙන්. මෙක්සිකාලි නගරයේ සාමාන්‍ය ජූලි මාසයේ හි පවතින ඉහළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42.2 (108°F), සහ ජනවාරි මාසයේ උපරිම උෂ්ණත්වය  70°F බව වාර්තා වනවා.

මෙක්සිකෝවේ මෙක්සිකාලි නගරය

8 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ජසීරා දේශසීමා දොරටුව

2002 වසරේ ජූලි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් ජසීරා දේශසීමා දොරටුවේ සෙල්සියස් අංශක 52.1 ක (125.8°F) උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා. ඉන් පසු 2013 වසරේ ජූලි මාසයේ දී, කලාපයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වය නැවතත් සෙල්සියස් අංශක 51.2 ක අගයකට ආසන්න වූ අතර එම උෂ්ණත්වය විනාඩි 15 ක් පමණ පැවතී තිබූ බව වාර්තා වනවා. සෙල්සියස් අංශක 50 ක අගය යනු දරාගත නොහැකි මට්ටමක් ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අල් ජසීරා දේශසීමා දොරටුව

7 පකිස්ථානයේ ටර්බට් නගරය

ලැයිස්තුවේ හත්වන උණුසුම්ම ස්ථානය පකිස්ථානයේ ටර්බට් නගරය වන අතර 2017 වසරේ මැයි 28 වන දා එහි සෙල්සියස් අංශක 53.7 ක  (128.7°F)  උෂ්ණත්වයක් වාර්තා වී තිබුනා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය තහවුරු කර තිබුනේ ටර්බට් හි වාර්තා වූ එම උෂ්ණත්වය ඒ වසරේ වාර්තා වූ සිව්වන අධි උෂ්ණත්වය බවයි. ටර්බට්, ආසියාවේ උණුසුම්ම නගරවලින් එකක් ලෙස ද හැඳින්වෙනවා.

පකිස්ථානයේ ටර්බට් නගරය

6 ඉරාකයේ බස්රා නගරය

මැදපෙරදිග යනු ලෝකයේ උණුසුම් කලාපයක් වන අතර එහි වාර්තාගත උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ට වඩා ඉහළ යන බව සඳහන් වනවා. 2016 වසරේ ජූලි 22 වන දා සෙල්සියස් අංශක 53.9 ක(129°F) ඉහළ අගයක උෂ්ණත්වයක් බස්රා නගරයෙන් වාර්තා වී තිබෙනවා. බස්රා නගරයේ මිලියන 1.4 ක පමණ ජනගහනයක් ජීවත් වනවා.

ඉරාකයේ බස්රා නගරය

5 කුවේට් හි මිත්‍රිබා කාලගුණ මධ්‍යස්ථානය

ලෝක කාලගුණ සංවිධානය වාර්තා කරනු ලැබූ පස්වන ඉහළම උෂ්ණත්වය කුවේට් හි මිත්‍රිබා කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය දැක්වෙන්නේ සෙල්සියස් අංශක 53.9 ක් (129 ° F) ලෙසයි. එය 2016 වසරේ ජූලි මස 21 වන දා වාර්තා වූ අතර ආසියාවේ වාර්තාගත උණුසුම්ම ස්ථානය වන්නේ ද මිත්‍රිබා කාලගුණ මධ්‍යස්ථානයයි.

කුවේට් හි මිත්‍රිබා කාලගුණ මධ්‍යස්ථානය

4 ඊශ්‍රායලයේ ටිරට් ස්වී නගරය

1942 වසරේ ජුනි මස 21 වන දා ඊශ්‍රායලයේ ටිරට් ස්වී හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 54 ක් (129°F) ලෙස වාර්තා වී තිබෙනවා. ටිරට් ස්වී ඊශ්‍රායල-ජෝර්දාන් දේශ සීමාව ආසන්නයේ, ජෝර්දාන් ගඟට බටහිරින් පිහිටා තිබෙන අතර එහි ජනගහනය දැක්වෙන්නේ පුද්ගලයින් 980 කට ආසන්න ලෙසයි.

 

ඊශ්‍රායලයේ ටිරට් ස්වී නගරය

3 ඉරානයේ අහ්වාස් නගරය

2017 වසරේ ජූනි මස 29 වන දින එහි වේලාවෙන් පස්වරු 4:51 සිට පස්වරු 5 දක්වා ඉරානයේ අහ්වාස් හි වාර්තාගත ඉහළ උෂ්ණත්වය, සෙල්සියස් අංශක 54 ක් (129.2°F)  ලෙස සඳහන් ව තිබෙනවා. ඉරානයේ කුසෙස්ටන් පළාතේ අගනුවර වන අහ්වාස් හි මිලියන 1.3 ක පමණ ජනගහනයක් සිටින බව සඳහන් වනවා. එහි ඇති පාලම් නවයක්, අහ්වාස් නගරයේ ප්‍රසිද්ධියට හේතුවනවා.

ඉරානයේ අහ්වාස් නගරය

2 ටියුනීසියාවේ කෙබිලි නගරය

1931 වසරේ ජූලි මස 7 වන දා සෙල්සියස් අංශක 55 ක (131 ° F) උෂ්ණත්වයක් කෙබිලි නගරයෙන් වාර්තා වී තිබූ අතර එය පෘථිවියේ වාර්තා වූ දෙවන ඉහළම උෂ්ණත්වයයි. කෙබිලි යනු ටියුනීසියාවේ සහ උතුරු අප්‍රිකාවේ පැරණිතම ක්ෂේම භූමියක්. ටියුනීසියාවේ මිනිස් වාසය සම්බන්ධව වසර 200,000 පමණ පැරණි සාක්ෂි කෙබිලි නගරයෙන් හමු වී තිබෙන බව ද වාර්තා වනවා.

ටියුනීසියාවේ කෙබිලි නගරය

1 කැලිෆෝනියාවේ මරණයේ නිම්නය

පෘථිවියේ උණුසුම්ම ස්ථානය ලෙස ලැයිස්තුවේ පලමු තැන හිමි කර ගන්නේ 1913 වසරේ ජූලි මස 10 වන දින සෙල්සියස් අංශක 56.7 ක (134 ° F) උෂ්ණත්වයක් වාර්තා වූ කැලිෆෝනියාවේ පිහිටා තිබෙන මරණයේ නිම්නයයි. ගිම්හාන කාලයේ දී එහි සාමාන්‍ය දෛනික ඉහළ අගය සෙල්සියස් අංශක 45 ක් (113°F) වේ. මෙය වාතයේ උෂ්ණත්වය පමණක් වන අතර මතුපිට තාපය ඊට බෙහෙවින් වැඩි බව සඳහන් වනවා. 1972 වසරේ ජූලි මස 15 වන දා මරණයේ නිම්නයේ සෙල්සියස් අංශක 93.9ක (201 °F) භූ උෂ්ණත්වයක් වාර්තා වී තිබුනා.

මරණයේ නිම්නය

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික රෝහල් වැඩ බලන නියෝජ්‍ය  අධ්‍යක්ෂවරයාව සිටි රුක්ෂාන් බෙල්ලන තනතුරේ ස්ථිර වෙයි!

Next Post

නවසීලන්තයට හිමිවිය යුතුව තිබූ 2019 ලෝක කුසලානය කුමාර ධර්මසේනගේ වැරදි තීන්දුවෙන් එංගලන්තයට ගිය හැටි  Marais Erasmus, හෙළි කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.