කීර්ති ප්රනාන්දු –
වසර තුනකට වරක් ලබා දෙන වැටුප් වර්ධක ලබා නොදීමට එරෙහිව වෘත්තීය ක්රියාමාර්ගයක් ගන්නා බව ජල සම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය පවසයි.
එහි සම කැඳවුම්කරු උපාලි රත්නායක පවසන්නේ නව වැටුප් වැඩිවීම ඉකුත් ජනවාරි මස සිටට ලැබිය යුතු බවත් පරිපාලනය එය බා දීමට කටයුතු නොකරන බවත්ය.
පසු ගිය වාරයේ ලැබිය යුතුව ඇති සියයට දෙකක හිඟ වැටුප් වැඩිවීම ලබා ගැනිම, වැටුප් වැඩිවනතුරු වත්මන් වැටුපෙන් සිසයට පහක අත්තිකාරම් මුදලක් ලබා ගැනීම, වැටුප් විෂමතා විසඳා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙම වෘත්තිය ක්රියාමාර්ගය ගන්නා බව සම කැඳවුම්කරු කියයි.