බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටානේ ජල සිහිනය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ඉටු කරයි

by Lanka Sara Editor
මාර්තු 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එදා ජෙයරාජ් අමාත්‍යතුමාටත් විසදගන්න නොහැකි වූ ඉලක්කය වු ජනතාවගේ ජලසිහිනය කෙසේ හෝ කටාන ආසනයේ ජනතාව වෙනුවෙන් ඉටුකරදීමට හැකිවීම පිළිබදව තමන් බෙහෙවින් සතුටට පත්වෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කටාන දෙමංහන්දියේ පැවැති කටාන ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජෙයරාජ් අමාත්‍යතුමාගේ ඝාතනයෙන් පසු කටානේ ජනතාවගේ ඉල්ලීම අනුව දේශපාලනයට පිවිසි තමන්ට තිබූ ලොකුම අභියෝගය වූයේ කටානේ ජනතාවගේ ජල ප්‍රශ්නය විසදීම බවත් ජෙයරාජ් අමාත්‍යතුමා එම ප්‍රශ්නය විසදීමට මැදිහත්වී නතර වූ තැනින් යළි ගමන් අරඹන්න පැමිණි තමන්ට එම අභියෝගය ජයගැනීමට හැකිවූ බවත් දැන් එම ගමනේ අවසානයට පැමිණ ඇති සිතිවිල්ල තමන්ට ඇතිව තිබෙන බව අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කළාය.

කටාන ජල ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත්කිරීම සදහා විශාල කැපකිරීමක් කිරීමට සිදුවූ බවත් ඒ වෙනුවෙන් තමන්ට කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූ බවත් මෙහිදී සිහිපත් කල අමාත්‍යවරිය තමන් දේශපාලනය වෙත යොමුකිරීමට හේතුවක් වූ සංවේදී කරුණක් පිළිබදවද මෙහිදී සිහිපත් කළාය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජෙයරාජ් අමාත්‍යතුමාගේ දේහය රැගෙන නිවසට ගෙන එන අවස්ථාවේ රාජපක්ෂපුරය ප්‍රදේශයේ සිටි එක්තරා මවක් පෝසටර්යක් ප්‍රදර්ශනය කරමින් අනේ මැතිතුමනි අපේ ජල සිහිනය දැන් කවදා ඉටුවේද? යන්න සදහන් කරමින් හඩාවැටෙන අයුරු දැක තමන්ගේ සිත තවත් කම්පනයට පත්කල බව සදහන් කර සිටියාය.

කටාන ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 79ක් ඇති බවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොල පිහිටා තිබෙන අතර ලංකාවේ විශාලම නිදහස් ආයෝජන කලාපයද පිහිටා තිබෙන නමුත් කටානේ ජනතාව බොන්න වතුර නැතුව විශාල දුකක් විදපු ජනතාවක් නියග කාලයට බවුසර් එනතුරු මගබලාගෙන සිටි බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කර සිටියාය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කර සිටියේ තමන්ගේ ආදරණිය සගයා වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මේ වෙලාවේ සිහිපත් කල යුතු බවත් ඔහු කටාන ආසනය නව මානයකට යොමුකල බවත් ඔහුගෙන් පසු එම කටයුතු ආපසු හරවන්නට නොදී ඉදිරියට ගෙනයන්නට එතුමාගේ මැතිණියට හැකිවී ඇති බව මෙහිදී සදහන් කරන ලදි.

කටාන ජල යෝජනා ක්‍රමය සදහා වෙන්වී ඇති මුළු මුදල රුපියල් මිලියන 13000ක් වන අතර ග්‍රාම‌සේවා වසම් 45ක් ආවරණය වන පරිදි උතුරු කුලුන බම්බුකුලියෙන්ද, මධ්‍යම කුලුන තිඹිරිගස්කටුව කුලුනෙන් සහ දකුණු කුලුන ආඩිඅම්බලම කුලුනෙන් යුක්ත ප්‍රධාන ජල කුලුනු 03කින් සමන්විත වන අතර එක් කුලුනක ජල මීටර් කියුබ් 2000ක ධාරිතාවයකින් යුක්ත අතර සමස්ත ධාරිතාව ජල මීටර් කියුබ් 6000කි. එම කුලුනු සදහා ජල සම්ප්‍රේෂණය කිලෝ මීටර් 12ක් වන අතර ජලය බෙදාහැරීම කිලෝ මීටර් 240ක ප්‍රදේශයක් ආවරණය කෙරේ. මෙමගින් ප්‍රදේශයේ 100,000කට වැඩිපිරිසකට සෙත සැලසෙයි.

මෙම අවස්ථාවට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමග රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, නිමල් ලංසා යන මහත්වරු සමග ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම්තුමා, ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීහු එක්වූහ.

Share69Tweet43
Previous Post

ජල සම්පාදන මණ්ඩලයත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට සැරසෙයි…

Next Post

අන්තවාදීන්ගෙන් වෙඩි කා ආණ්ඩුවේ නිවාස අඩස්සියට වැටුණු මාවනැල්ලේ තස්ලිම් කියන කතාව

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.