ශ්‍රියානි විජේසිංහ –
ජනාධිපති ලේකම් කාර්යාලයේ රුපියල් මිලියන 22ක විදුලිබිලක් ගෙවීම මේ වන විට මුළු මනින්ම පැහැර හැර ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේය.
ලේකම්කාර්යාලයේ විදුලි සෝපානයන් හා වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් මෙම මුදල් ගෙවීමට ඇති නමුත් එම මුදල ගෙවිම පැහැර හැර ඒ වෙනුවෙන් පිටස්තර ආයතනයකින් විදුලි සේවාවන් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි ලේකම්වරයා පැවසුවේය.
විදුලිබල මණ්ඩලය මෙතරම් පාඩු ලබද්දී ජනාධිපති ලේකම් කාර්යලය මගින්ම පොලු තැබීම කොතරම් අසාධාරණ හා ලැජ්ජා සහගත ක්‍රියාවක්ද යන්න ඔහු පෙන්වා දෙන අතර සාමාන්‍ය ජනතාව විදුලි බිල ගෙවීම පැහැර හැරියහොත් ඔවුන්ගේ විදුලිය විසන්ධි කිරිමට දෙවරක් නොසිතන බවද රංජන් ජයලාල් පැවසුවේය.







