බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු කඳවුරෙන් පලා ගිය රැඳවියන් 11ක් තවමත් අතුරුදහන්…

by editor
ජනවාරි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ප්‍රශ්නයක් මුල්කර ගනිමින් දෙපිරිසක් අතර පසුගිය දොළොස් වෙනිදා ගැටුම අතරතුර එම කඳවුරෙන් පැනගිය රැඳවියන් අනූ දෙදෙනා ගෙන් එකොළොස්දෙනෙකු  තවමත්   අතුරුදහන් වී ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අලුතෙන් රැගෙන එන රැඳවියන් හා එහි සිටින රැඳවියන් ආහාර  ප්‍රශ්නයක් මුල් කරගනිමින් ඇති වූ ගැටුමක් නිසා  ගල්, මුගුරු, සහ පොලුවලින් පහර දෙමින් සිට ඇති අතර    එහිදී රැඳවියන් විසි හය දෙනකු තුවාල ලබා වැලිකන්ද හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත්  කර තිබිණි.

මෙම ගැටුම අතරවාරයේ රැඳවියන් 92ක්  මධ්‍යස්ථානයෙන් පලාගිය අතර එදිනම වහා ක්‍රියාත්මක වූ වැලිකන්ද හා පුලස්තිපුර පොලිසිය යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් 35 දෙනෙක්   අත්අඩංගුවට ගනු ලැබූහ.

අත් අඩංගුවට ගත් එම 36 දෙනාගෙන් විසිහයදෙනෙකු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත්, දහදෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට භාරදුන් බවත්,  පලාගිය රැඳිවියන්ගෙන් 16ක්  පුලස්තිපුර පොලිසියෙන්ද, තුන්දෙනෙකු වැලිකන්ද පොලිසියෙන් ද  අද (14)  උදෑසන විට අත්අඩංගුවට ගෙන තිබුණු බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක   අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අත්අඩංගුවට ගැනුණු රැඳවියන්ගෙන් 16 දෙනෙකු වවුනියාව ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාවට මධ්‍යස්ථානයට යොමු කර තිබෙන අතර රැඳවියන් දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබූ රැඳිවියන් 05 දෙනෙක් තවදුරටත් පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද  වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා  කීය.

අත් අඩංගුවට ගත් රැඳවියෙක්…

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන අතර එහි රැඳවියන් 392ක්  මේ වනවිට සිටින බවත්, පලාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා වන අලි සහ ගංවතුර මධ්‍යයේ පොලිසියට දැඩි වෙහෙසක් සහ ප්‍රයත්නයක් දැරීමට සිදුවූ බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රඳවියන්, ගාල්ල මාතර හම්බන්තොට කොළඹ ඇතුළු ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් බව ද   පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ප්‍රශ්න ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල් කරගෙන පසුගිය වසර ඇතුළත අවස්ථා කිහිපයකදී රැඳවියන් එහි ආරක්ෂක අංශ සමග ගැටුම් ඇතිකරගෙන පලාගියහ.    එහිදී යුද හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් රැඳවියන් අත් අඩංගුවට ගත්හ.

මේ පිළිබඳ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා ගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක  ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෛපොන්ගල් සරුංගල් තරගයට එන දැවැන්ත සරුංගලය…

Next Post

ජනාධිපති ලේකම් කාර්යලයත් විදුලි බිල ගෙවලා නෑ… ලංවිමට මිලයන 22ක පොල්ලක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.