දිනසේන රතුගමගේ –
උතුරේ වැසියන් වෙනුවෙන් සංවර්ධන යෝජනා ක්‍රම කීපයක් දියත් කිරීම පිණිස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිව්දින දින නිල සංචාරයක් මේ සතියේදී ආරම්භ කිරීමට නියමිතය.
ජනවාරි මස 4 ,5,6 හා 7 යන දිනවලදී ජනාධිපතිවරයා යාපනය හා වවුනියාව යන පළාත්වල සංචාරය කරන අතර එම දිස්ත්‍රික්කවල සංවර්ධන කමිටු රැස්වීම් සඳහාද තවත් විද්වතුන් විශාල පිරිසක් සමග සාකච්ඡා කීපයකටද සහභාගී වීමට නියමිතය.
ජනවාරි මස 4 වෙනිදා සවස ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයේදී රුපියල් මිලියන 250 ක වියදමකින් යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබා දෙන පාලියාරු ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීම ප්‍රධාන තැනක් ගනියි.
ඊට අමතරව යාපනයේ වැසියන්ගේ ඉඩම් ප්‍රශ්නය විසඳීම සඳහා මූලික සාකච්ඡාවකට සහභාගී වන ජනාධිපතිවරයා යාපනය. වවුනියාව විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ කිලිනොච්චි මණ්ඩපයේ පීඨාධිපතිවරුන් ඇතුළු කථිකාචාර්යවරු සමගද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සර්ව ආගමික නියෝජිතයන්, ධීවර සංවිධාන නියෝජිතයන් සහ යාපනයේ දී ශික්ෂණ රෝහල් සුබසාධක සංගමයේ නියෝජිතයින් සමගද සාකච්ඡා පැවත්වීමට නියමිතය.







