සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ගෙන්නලා කිව්වා තමයි… ඒත් මොල්ලු ජනපතිටත් වලංගු නෑ… නාඩු කිලෝවේ පාලන මිල 220ක් උනත් මෝල්ලු තොග වෙළෙන්දට සහල් දෙන්නෙත් රුපියල් 221ට…. ඇත්ත මෙන්න!

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුවේ ඇතැම් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් සහ රජයෙන් පාලන මිලට සහල් ලබාදෙන බව පැවසුවද පොළොන්නරුවේ තමන්ට කිසිදු මෝල් හිමියෙකුගේ හාල් වර්ගයක් පාලන මිලට ලබා ගැනීමට නොහැකි බව සහල් වාර්තා වේ. නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක පාලන මිලට දෙන බව පැවසුවද, මේ වෙන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල නාඩු සහල්වල හිඟයක් පවතින බවත්, ඇතැම් වෙළඳසැල්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 240 ත් 260 ත් අතර මිලකට අලෙවි කරනවා සේම පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි, ලබාගැනීමට නොහැකි බවත් නිරීක්ෂණය වී ඇත

මීට සාපේක්ෂව සම්බා සහල් කිලෝ එකක් රුපියල් 250 ත්, 260 ත් අතර මිලකටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල්
340 ත් 360 ත් අතර මිලකටත් අලෙවි කිරීමෙන් සහල් පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති. පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහල් මිල පිළිබඳ අප කළ සොයා බැලීමකදී තොග සහ සිල්ලර වෙළඳුන් සඳහන් කළේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තමන්ට පාලන මිලට සහල් නොදෙන නිසා රජය ප්‍රකාශ කරන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බවය.

ජනපති මෝල් හිමියන් කැඳවූ අවස්ථාව…

මේ වෙන විට පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තමන්ට තොග වශයෙන් නාඩු සහල් කිලෝවක් ලබා දෙන්නේ රුපියල් 219 ත් 221 ත් අතර මිලකට බවත්, ඒ අනුව පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමේදී, තමන්ට ද ලාභයක් තබා ගනිමින් ඇසුරුම් ද්‍රව්‍යවල මිල ගනන් අනුව රුපියල් 250 ක් වැනි මිලකට නාඩු සහල් කිලොවක් ලබාදීමට සිදුවන බවත් තොග සහ සිල්ලර වෙළෙන්දෝ සඳහන් කරති.

මීට පෙර කන්න වලදී රුපියල් 100 ත් 120 ත් අතර මිලකට වී මිලදී ගත් පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරයකින් ලබාගත් වී තොග සහල් බවට පත්කර අධික මිලකට අලෙවි කරන බවත් මේ පිළිබඳ කඩිනම් අවධානය යොමු කර සහල් පාලන මිලට ලබාදීමට රජයේ අවධාන යොමු කරන ලෙසත් මේ වනවිට පොළොන්නරුවේ ගොවිජනතාවගෙන් මෙන්ම සහල් පාරිභෝගික ජනතාවගෙන් රජයට ඉල්ලීම් ලැබෙමින් ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අප මේ පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ තමන්ට සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට වර්තමානයේ අධික මිලක් වැය බවය. සේවක වැටුප්, විදුලි බිල්, සහ අනෙකුත් ගාස්තු ගත් කල, අධික මිලක් දැරීමට සිදුවන බවත්, ඒ අනුව තමන්ට සහල් කිලෝවකින් ලාභය ලැබෙන්නේ රුපියල් 5 ත් 7 ත් අතර මිලක් බවත් ඔවුහු සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බාල ඖෂධ අපරාධය – හිටපු ජනපති ඇතුළු කැබිනට් මණ්ඩලයෙන්ම ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කරයි!

Next Post

මේ අගෝස්තුවේ දී පොල් ගෙඩි මිලියන 74.4ක් අපනයනය කරලා… ඩොලර් මිලියන ගණනක ආදායමක් අරන්… පොල් අඩුයි කියලා අඬන අයට දැනගන්න…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.