ජනපතිගේ ගමනට පහසුකම් සැපයීමට ඔහු ගමන් කරන හෙලිකොප්ටරයට පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටරය හදිසියේ එප්පාවල කටියා ප්‍රදේශයෙ වෙල් යායට ගොඩ බැස්සවීම පිළිබඳව ගුවන් හමුදාව ඇතුළු සියලු ආරක්ෂක හමුදා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඊයේ පස්වරුවේ මෙසේ ගොඩබා තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 ( SUH 522) හෙලිකොප්ටරයකි.
දේපල හෝ ජීවිත හානියක් රහිතව කළ මෙම ගොඩබැස්සවීමට හේතුව කාර්මික දෝශයක් බව පැවසිනි.
කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගුවන් හමුදාව කටයුතු කරන අතර එහි තිබූ බඩුබාහිරාදිය කොළඹ සිට පැමිණි වෙනත් ගුවන් යානයකට මාරුකර යවා තිබිණි.







