චීන පොහොර නැවට ගෙවන ලද ඩොලර් මිලියන 6.9ක මුදල රටේ ජනතාවගෙන් අයකර ගැනීම සිදුව ඇතැයි . කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
දැනට මෙම සමාගමට ගෙවා ඇති ඩොලර් මිලියන 6.5ක මුදල ආපසු ගත හැකිදැයි සොයා බැලු නමුත් එම මුදල නැවත ලබා ගැනීමට නොහැකි බව ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
චීන පොහොර නැව සම්බන්ධව ගැටලුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරය බවත්, ඒ සඳහා සුදුසු ක්‍රියාවලියක් සැකසීමට විදේශ කටයුතු අමාත්‍යංශයට භාර දීමට ද රජය තීරණය කර ඇති බවත් ඇමතිවරයා පැහැදලි කරයි.
චීනයේ Qingdao Seawin Biotech ආයතනය මගින් මිල දී ගන්නා ලද පොහොර නැව සම්බන්ධයෙන් එම සමාගමට නඩු පවරන්නැයි විගණකාධිපතිවරයා විසින් විශේෂ වාර්තාවක් නිකුත් කිරීමත් සමග මෙම කීරණය ගෙන තිබේ.
.තමා කෘෂිකර්ම අමාත්‍යංශය බාරගත් දින සිට මෙම පොහොර නැව සම්බන්ධව අවස්ථා ගණනක දී සාකච්ඡා කළ බවත් මෙම පොහොර නැව නිසා දෙරට අතර හොඳ හිත බරපතල ලෙස පළුදු වු බවත් ඇමතිවරයා කීවේය.
චෝදනාව එල්ල වී ඇති පොහොර නැව වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට තමා උත්සහ කළ බවත් . එහෙත් එම සමාගම වෙනත් පොහොර නිපදවන්නේ නැති බවත් දැනුම් දි ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා කියන්නේ ඒ අනුව දැනට මෙම සමාගමට ගෙවා ඇති ඩොලර් මිලියන 6.5ක මුදල ආපසු ගත නොහැකි බවය.







