මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් ගේ සංකල්පයක් මත ජාත්‍යාන්තර ප්‍රමිතියට වැඩි දියුණු කර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) පැවැත්වූ පොලිස් දිනය දා විවෘත කළ පොලිස් වෙබ් අඩවිය සිදුවූ දේ සොයා ගත නොහැකිව ඒ අවස්ථාවේ සිට අක්‍රීය වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මේ වනවිට එම වෙබ් අඩවිය යථාවත් කිරීම සඳහා පොලිස් පරිගණක තාක්ෂණ අංශය දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටී.
වෙබ් අඩවියේ කටයුතු සංවර්ධනය කර නැවත විවෘත කිරීමේ කටයුතු වෙනුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා සිට එය පැවතියේ අක්‍රීය තත්ත්වයේය.
යළි ආරම්භ කළ අවස්ථාවේ සිට වෙබ් අඩවිය මුලුමනින්ම අක්‍රීය වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.







