චීන ජනතාවට එරට රජය ගෙන යන දැඩි එකාධිපති පාලන ක්‍රමය කෙරෙහි දැඩි අප්‍රසාදයෙන් පෙළෙන බවට වාර්තාවේ.
ඒ අනුව චීන රජය විසින් සිය අරමුණ උදෙසා එරට අධිකරණ පද්ධතිය යොදාගනමින් අධිකරණ පද්ධතියේ ස්වාධීන බව සම්පූර්ණයෙන්ම අඩපන කර ඇති බවත් එමගින් චීන ජනතාවගේ මූලික අයිතිවාසකම් බරපතල ලෙස කඩවීමකට ලක්ව ඇති බවද හොංකොං පොස්ට් පුවත් පත සඳහන් කරයි.
චීන ජනාධිපති ෂී ජින්පින් විසින් දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් එරට තුල අනුගමනය කරමින් පවතින අතර එහිදී ඔහුට අවැසි පරිදි අධිකරණ කටයුතු සිදුවන බවට බරපත චෝදනා එල්ලවෙමින් පවති. එමගින් චීන වැසියන් හට අධිකරණයෙන් සාධාරනත්වයක් ඉටුනොවන තත්ත්වයකට පත්ව ඇති බවටද වාර්තාවේ.
එවැනි පසුබිමක් යටතේ චීන ජනාධිපතිවරයා විසින් දූෂණ විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සංවිධාත්මක අපරාධ වලට සම්බන්ධ බවට පැවසෙන පුද්ගලයින් දහසකට අධික පිරිසක් සති දෙකක කාලයක් තුලදී අත් අඩංගුවට ගෙන ඇති බවට චීන මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර ශැංග්ඩොන්ග ප්‍රාන්තයේ කෝටා ක්රමයක්ද පිහිටුවා ඇති අතර එමගින් එම ප්‍රාන්තයේ සෑම දිස්ත්රික්ම වසරකට අවම වශයෙන් එක් නඩුපැවරීමක් හෝ සිදු කළයුතු බවට දැණුම් දී තිබේ. එසෙන් නොවන්නේ නම් එම දිස්ත්‍රික්ක වල කාර්යක්ෂමතාව පහළ දමන බවටද දැණුම් දී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එහිදී බොහෝ පිරිසක් සංවිධාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ බවට චෝදනා කරමින් දැඩි සිරදඬුවම් ලබාදෙන අතර ඔවුන් බහුතරයකගේ දේපල රජයේ භාරයට ගැනීම සිදුවන බවටද වාර්තාවේ. මෙම පිරිසට නිසි ලෙස අධිකරණයේ නඩු ඇසීමක් සිදුනොව බවත් ඔවුන්ට දැඩි අසාධාරණ තීන්දු ලබාදෙන බවටද වාර්තාවේ.
කෙසේ වෙතත් චීනය මානව හිමිකම් කඩවීම් අතින් ඉහලින්ම සිටින රාජයක් වන අතර එරට වැසියන් හට කිසිඳු ආකාරයකින් භාෂණයට නිදහස් හිමවී නොමැත.