අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!

by editor
මැයි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් යළිත් මේ පාර්ලිමේන්තුව පැත්ත බලන්නේ නැති බව හිටපු මුදල් ඇමති අලි සබ්‍රි කීවේය.  ආදායම්  බදු ගෙවන, හොරකම් කරන්නේ නැති විද්වත් වෘත්තිකයින් නැවත මේ පාර්ලිමේන්තුවට එතැයි විශ්වාස කළ නොහැකි බව කී අලි සබ්‍රි මන්ත්‍රීවරයා  ඒ ගෞරවනීය තත්ත්වය පාර්ලිමේන්තුව තුළ ඇති කරන්නැයි ඉල්ලා සිටියේය.

තමන් තමන් වෙනුවෙන් තම දරුවන් වෙනුවෙන් තම මව් පියන් වෙනුවෙන් බිය බව කී මන්ත්‍රීවරයා තමන් පැමිණියේ යුද්ධ කරන්න නොවන බවත් තමන් විශ්වාස කළ දේශපාලන දර්ශනයක් මත පිහිටා සද් භාවයෙන් යුතුව රටට සේවයක් කරන්න බවත් පැවසුවේය.

බුදුන් වැඩිය රට තුළ මනුෂ්‍යයන් පීඩාවට පත් කරන විට, නිවාස ගිනි තබන විට, මිනී මරන විට සතුටුවන ම්ලේච්ඡ ආකාරය දැක අතිශය කම්පනයට පත් වූ බව කී මන්ත්‍රීවරයා මේ මොන රටක් දැයි විමසුවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

අපේ රටේ ඉතිහාසයේ තිබෙන විශාලම ආර්ථික අර්බුදය. ඒ නිසා තමයි මේ සත්‍ය පිළිගන්න ඕන. එලියෙ ඉන්න ඔවුන්ට ප්‍රශ්න පේනවා. ඔවුන් ඒ ප්‍රශ්නවලින් මිරිකෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුපියල අවපාත වෙලා, ඉන්ධන නෑ. ගෑස් ටික නෑ. කෑම ටික නෑ. ඔවුන් ඉතාම දැඩි පීඩාවට පත් වෙලා. ඒක අපි හැමෝටම පේනවා.

මේක එළියට එන්න ආර්ථිකයේ වෙනසක් වෙන්න ඕන. මේක ආර්ථික අර්බුදයක්. ආර්ථික අර්බුදය නිසා පැන නැගුණු දේශපාලන අර්බුදයක්.  සියලුම පක්ෂ තමන්ගේ තීරුවලින් එළියට ඇවිත් එකට එකතු වෙන්න කියන්නෙ ඒකයි.

එකිනෙකාට ඇඟිල්ල දික් කරනවා නම් විජය ආපු දවස දක්වා ඇඟිල්ල දික් කරන්න වෙනවා. ඇත්ත මිනිස්සුන්ට කියන්න ඕන. මේකෙන් දේශපාලන වාසි ගන්න ගියොත්  ඔවුන් අපට ගහනවා.

මේ සමහරු  මගෙන් අහනවා බය ද කියලා. ඔව් මම බයයි. මම ආවෙ යුද්ධ කරන්න නෙමෙයි. මම බයයි මම වෙනුවෙන්. මම බයයි මගෙ දරුවො වෙනුවෙන්.  මම බයයි මගෙ දෙමව්පියන් වෙනුවෙන්.

අපි සත පහක්වත් වංචා කරලා නෑ. මම මේ ධුරය භාරගන්න කලින් මගෙ ආදායම් බදු ලෙස  පසුගිය අවුරුදු 5 ඇතුළෙ රුපියල් මිලියන 42ක්   ගෙවලා තියනවා. එක රුපියලක්  මේකෙන් හම්බරකරලා නෑ.

මගෙ ආදායමින් සියයට  දහයක්වත් මේ සියලු වරප්‍රසාදත් එක්ක මට ලැබිලා නෑ. අප විශ්වාස කළා මේ රටට දෙයක් කරන්න පුලුවන් කියලා. ඒ ඕනකම නිසයි  අපි මෙතෙන්ට ආවෙ. ඒක වරදක් ද?. මම ඒකට උත්සාහ කළා.

මොකක්ද මේ රට. බුදුහාමුරදුරුවො පය තිබ්බ රට. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා කියපු රට. අනික් මිනිස්සුන්ගෙ ගෙවල් ගිනිගන්නකොට උඩ පනින්න පුලුවන් රටක් ද?. අලි සබ්‍රි මන්ත්‍රීවරයාගෙ ගේ ගිනි ගන්නකොට මගෙ ක්ෂේත්‍රයෙම නීතිඥ වෘත්තිකයො අප්පුඩි ගහනවා.  මගේ ගේ තියන තැන ලොකේෂන් ෂෙයා කරලා කියනවා ලස්සන ගෙයක් තියනවා කියලා. මගෙ දරුව ඇරමරිකාවෙ. එයාට  කියලා යවනවා ඔන්න උඹලගෙ ගේ ගින ගන්නවා කියලා.

මම අහන්නෙ මේකයි. මා ඇතුළු 69 ලක්ෂයක් මිනිස්සු  සද් භාවයෙන් විශ්වාස කළා මේ රටට හොඳක් කරන්න පුලුවන් වේවි කියලා.  ඒක කළේ මම විතරක් නෙමෙයි. මම පිලිගන්නවා ආර්ථික කළමනාකරණයේ අඩුපාඩු තිබුණා. නමුත් අප යම්  වරදක් කරලා තිබෙනවා නම් අප උසාවිය ඉස්සරහට අරගෙන යන්න. මේක දේශපාලකයින්  225 ගෙ වරදක්ම නෙමෙයි. හැමෝම අහන්න තමන්ගෙ පපුවට තට්ටු කරලා  තමන්ගෙ රාජකාරිය හරියට කළා ද කියලා.  දේශපාලකයින් 225 වෙනුවෙන්ම වැය කරන සියලු වියදම්    කපා දමන්න.  පුලුවන්නම් මේ ප්‍රශ්නයට විසඳුම් ගේන්න එහෙම රකන්න. දේශපාලකයින් ඉන්නේ 225යි. ඔවුන්ගෙ වගේම මේ රටේ ඉන්න අනෙක් හැම ප්‍රධාන නිලධාරියෙකුගෙන්ම අහන්න වත්කම් ප්‍රකාශ කරලා විනිවිද වෙන්න පුලුවන් ද කියලා. “

“ඔවා දෙනු පරහට… තමා සම්මතේ පිහිටා සිට…“

මෙතන ප්‍රශ්නය මේකයි.  ආදායම වගේ තුනයි දශයම හතර ගුණයක් වියදම් වෙන රටක් මේක.  විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තියනවා. තුනම වැහිලා.

අගමැති තුමා කිව්වා වගේ ඊලඟ මාස 3, 9 සහ 12 ඉතාම අමාරු කාල පරිච්චේදයක්.  ඒක කාලය තුළ ප්‍රශ්නය ඔඩු දුවවන්නෙ නැතිව ප්‍රශ්න විසඳගන්න උදවු කරන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන ජනතාව රජය ගැන නොසතුටින්

Next Post

සැඟවී සිට පැමිණි නාමල්  සාධාරණය ඉල්ලයි… සී.අයි.ඩී. ගිහින් කටඋත්තරත් දුන්නලු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.